හැඳින්වීම-
සෑම වසරකම අප්‍රේල් 13 හා 14 ශ්‍රී ලාංකේය අප හැම දෙනාටම ඉතා වැදගත් දිනයන්. සිංහල හා දමිළ අළුත් අවුරුද්ද උත්සවශ්‍රීයයෙන් සැමරීම ඊට හේතුවයි. කුමන රටක ජීවත් වුනත් අළුත් අවුරුද්ද සුළුවෙන් හෝ සැමරීම බොහෝ දෙනෙක් කරනවා. එහෙත් අපේ සමහර කිතුනුවන් සිතන්නේ සිංහල හා ද්‍රවිධ අළුත් අවුරුද්ද කියන්නේ ආගමික උත්සවයක් කියලයි. සිංහල කිතුනුවෙක් හැටියට මම දකින්නෙ මෙය ඉතාම වැරදි ආකල්පයක් ලෙසයි. හේතුව, සිංහල හා දමිළ අළුත් අවුරුද්ද යනු ආගමික උත්සවයක් නොව එය ජාතික උත්සවයක් වීමයි. මෙවැනි වැරදි මතවාද නිසා කිතුනුවන් කිසිඳු ජාතික හැඟීමක් නැති පිරිසක් ලෙස ඇතැම් අය අතර විවේචනයට ලක් වෙනවා. එනිසා එවැනි පටු ආකල්ප වලින් ඉවත් වී ජාතික සිරිත් හා වටිනාකම් අගය කිරීම ඉතාම වැදගත් හා කාලෝචිත වේ.
කිතුනුවන් වශයෙන් සිංහල හා දමිළ අළුත් අවුරුද්ද ගැන ගැඹුරින් මෙනෙහි කර බලන කල ඒ තුළින් ප්‍රකාශ වන කිතුනු වටිනාකම් රාශියක් දැකිය හැකිය. එම කිතුනු වටිනාකම් නිසාම මෙම ජාතික මහෝත්සවය කිතුනු අපට වැදගත් වේ. ජේසුස් වහන්සේ කිතුනු අපට වදාළ වටිනාකම් ඒ අතර පැවතීම විශේෂිතය. තම කිතුනු දිවිය තුළ නිරතුරු මෙම වටිනාකම් අනුසාර කළ යුතු කිතුනුවාට සිංහල හා දමිළ අළුත් අවුරුද්ද තමන් තුළ එම වටිනාකම් නැවත ස්ථාපිත කර ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා.
සිංහල අළුත් අවුරුද්ද පුරා දක්නට ලැබෙන විශේෂිත වචනය වන්නේ “නැකත" යන්න යි. මෙය ජෝතිෂ්‍යය සම්බන්ධව කැපී පෙනෙන වචනයක් නිසා බෝහෝ කිතුනුවන් ඊට දක්වන්නේ නොකමැත්තකි. “නැකත" යන්නේ අර්ථය “සුභ වේළාව" නොහොත් “මොහොරත" යන්න ය.මෙය ග්‍රීක භාෂාවෙන් “කයිරෝස්" [Kairos] යනුවෙන් නම් කරයි. මෙහි අර්ථය ද “නියමිත මොහොත" හෙවත් “මොහොරත" යන්න යි. “නියමිත මොහොත" යන්න කිතුනුවාට ඉතා වැදගත් වචනයකි. මන්ද, ජේසුස් වහන්සේත් මේ වචනය විවිධ අවස්ථා වල දී භාවිත කර තිබෙනවා. පහත නිදසුන් බලන්න.
“නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; මනස්ස්ථාපනය වන්න, සුබ අස්න අදහා ගන්න." (මාර්ක් 1 : 15)
කානා නුවර ප්රාතිහාර්යේ දී, “මෑණියනි, ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කුමකට ද? මාගේ මොහොත තව ම පැමිණ නැත', යි කී සේක." (ජොහාන් 2 : 4)
කුරුසපත්වීමේ අවශ්‍යතාව ගැන කතා කළ ජේසුස් වහන්සේ, “'පියාණෙනි, මේ මොහොතේ මා ගැළවුව මැනවැ' යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය", (ජොහාන් 12 : 27)
“මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය." (ජොහාන් 12 : 31) වදාළ සේක.
“මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය." (ජොහාන් 12 : 31) වදාළ සේක.
“පාස්කු මංගල්‍යයට පෙර, තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව ජේසුස් වහන්සේ දැනගත් සේක." (ජොහාන් 13 : 1)
ජේසුස් වහන්සේ ගෙත්සෙමනි උයනේ කළ උත්තම පූජක යාච්ඤාවේ දී, “ පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ... , 'යි වදාළ සේක." (ජොහාන් 17 : 1)
ජේසුස් වහන්සේව ගෙත්සෙමනි උයනේ දී අල්ලා ගැනීමට පැමිණි සෙබළුන්ට කීවේ, “...'එහෙත් මෙය ඔබගේ මොහොත ය; අන්ධකාරය රජ කරන මොහොත ය' යි වදාළ සේක." (ලූක් 22 : 53)
යනාදිය එවැනි අවස්ථා කිහිපයකි. එබැවින් නැකත යන වචනයට අප බිය විය යුතු නැත. එය සුදුසු වේලාව, නියමිත වේළාව ලෙසින් ගත යුතු ය. කලට වේළාවට වැඩ කිරීම ඉතා හොඳ සිරිතක් හා යහගුණයකි. කලට වේළාවට වැඩ නොකිරීම අද ශ්‍රී ලාංකේය අපගේ ඇති දුබලතාවයකි. නියමිත වේළාවට නියමිත දේ කිරීම කාලයේ ස්වාමියාණන් වන දෙවියන් වහන්සේට ගරුත්වය දැක්වීමකි. කාලය අපතේ හැරීම පවකි. ජනතාවක් වශයෙන් අප හැමදෙනම එකම වේලාවක දී එකම ක්‍රියාවක නිරත වීම මානව එකමුතුකම, ජාතික සමගිය ඉස්මතු කරවන උතුම් ක්‍රියාවකි. එවැනි දේ අගය කිරීම කිතුනුවන් වශයෙන් අපගේ යුතුකමකි.
සිංහල අළුත් අවුරුද්දේ කියවෙන තවත් වචනයක් නම්, “නොනගතය" යන්න ය. මෙහි අර්ථය නම් “නුසුදුසු වේළාව" යන්න ය. ධර්මදේශකයා නැමැති ශුද්ධ බයිබලීය පොතේ කාලය හා නියමිත වේළාව ගැන ඉගැන්වීමක් ඇත. (ධර්මදේශකයා 3 : 1 - 8 බලන්න.) මෙම නොනගත කාලය තුළ සිදුවන විශේෂිත ක්‍රියාව වන්නේ ආගමික කටයුතු වල යෙදීම ය. රටක් වශයෙන් සියලු දෙනා එකමුතු වී තම තමන්ගේ ආගමික කටයුතු වල යෙදීම කෙතරම් අගය කළ යුතු ක්‍රියාවක් ද? අද කාලයේ බොහෝ දෙනෙකුට ආගම ඇදහීමට පල්ලියකට පන්සලකට කෝවිලකට යාමට වෙළාවක් නැත. බොහෝ විට ආගම අවශ්‍ය වන්නේ තමන්ට කරදරයක් සිදුවූ විට හෝ පවුලේ කිසියම් වැදගත් කාර්යයක් සිදු කරන්න යන විට ය. සමහරුන්ට ආගම මෝස්තරයකි. සමහරුන්ට හිසරදයකි. ආගම ධර්මයක් නොඅදහන පුද්ගලයාව පැරැන්නන් සැළකුවේ තිරිසනෙකු ලෙසිනි. ආගම යනු තම ජීවිතය බව අමතක නොකළ යුත්තකි.
සිංහල අළුත් අවුරුද්දේ කියවෙන තවත් වචනයක් නම්, “නොනගතය" යන්න ය. මෙහි අර්ථය නම් “නුසුදුසු වේළාව" යන්න ය. ධර්මදේශකයා නැමැති ශුද්ධ බයිබලීය පොතේ කාලය හා නියමිත වේළාව ගැන ඉගැන්වීමක් ඇත. (ධර්මදේශකයා 3 : 1 - 8 බලන්න.) මෙම නොනගත කාලය තුළ සිදුවන විශේෂිත ක්‍රියාව වන්නේ ආගමික කටයුතු වල යෙදීම ය. රටක් වශයෙන් සියලු දෙනා එකමුතු වී තම තමන්ගේ ආගමික කටයුතු වල යෙදීම කෙතරම් අගය කළ යුතු ක්‍රියාවක් ද? අද කාලයේ බොහෝ දෙනෙකුට ආගම ඇදහීමට පල්ලියකට පන්සලකට කෝවිලකට යාමට වෙළාවක් නැත. බොහෝ විට ආගම අවශ්‍ය වන්නේ තමන්ට කරදරයක් සිදුවූ විට හෝ පවුලේ කිසියම් වැදගත් කාර්යයක් සිදු කරන්න යන විට ය. සමහරුන්ට ආගම මෝස්තරයකි. සමහරුන්ට හිසරදයකි. ආගම ධර්මයක් නොඅදහන පුද්ගලයාව පැරැන්නන් සැළකුවේ තිරිසනෙකු ලෙසිනි. ආගම යනු තම ජීවිතය බව අමතක නොකළ යුත්තකි.
සිංහල අළුත් අවුරුද්ද සමග අප අතර ඉස්මතු වන උතුම් ගුණාංගයකි, බෙදාගැනීම. නිවසේ සකස් කරන විවිධ ආහාරපාන වර්ග අප පවුලේ සාමාජිකයන් සමග පමණක් නොව අසල්වාසීන් හා නිවසට පැමිණෙන අමුත්තන්, නෑදෑ හිතවතුන් සමග ද බෙදා ගන්නෙමු. එමගින් අපගේ ජාතික අනන්‍යතාවය, එකමුතුකම, සමගිය හා සහෝදරත්වය ප්‍රකාශ වෙනව. වාද බේද, අමනාපකම් ඉවත දමා සම්බන්ධතා නැවත අළුත් වැඩියාවීම සිදුවෙනව.
දෙමව්පියන් හා වැඩිහිටියන් නැමදීම සිංහල අළුත් අවුරුද්ද සමග ප්‍රකාශ වන තවත් කිතුනු වටිනාකමකි. වසරකට වතාවක් හෝ දෙමව්පියන් වැඩිහිටියන් බැහැදැක ඔවුන්ගේ දෙපා නැමද තම ගරුත්වය, ආදරය ප්‍රකාශ කිරීමත්, තමන්ගෙන් වූ කිසියම් වරදක් වේ නම්, ඊට සමාව යැදීමත් කරයි. එවිට ඔවුන්ගේ ආශිර්වාදය හා සමාව ලැබීමත් සිදුවේ. සමාව ඉල්ලීමට නම් වරද පිළිගත යුතු ය. සමාව දීමට නම් වරද අමතක කර එකිනෙකාව ශාන්ති සිතින් පිළිගත යුතු ය. සමාව යැදීම, සමාව දීම, සමාව ලැබීම යන්න කිතුනු අප තුළ පැවතිය යුතු ජේසුස් වහන්සේ දෙසූ උතුම් කිතුනු වටිනාකම් වෙති.
සිංහල අවුරුද්දේ දී නෑගම් යාම හා තම නිවසට පැමිණෙන නෑදෑ හිතවතුන් ආදරයෙන් ගරුත්වයෙන් පිළිගැනීම ඉතා උතුම් කිතුනු වටිනාකමකි. මේ මගින් සියලු අමනාපකම්, වාදබේද හා අසමගිකම් දුරු වී නව සම්බන්ධතා හා බැඳීම් ඉස්මතු වෙනව. කිතුනු සහෝදරත්වය වැඩි වර්ධනය වෙනව. එකිනෙකාව අගය කිරීම, පිළිගැනීම එමගින් පිළිඹිබු වෙනව. අප සියලු දෙනා එකම පවුලක සාමාජිකයන් පිරිසක් ය යන හැඟීම අප තුළ ඇති කරනව. මේ මගින් අළුත් වසරේ අප හදවත් තුළ නවතාවයක්, ප්‍රීතියක් සුව සහනයක් ඇති වෙනව.
සිංහල අළුත් අවුරුද්දේ සිදුවන තවත් වැදගත් ක්‍රියාවක් නම්, ගනුදෙනු කිරීම ය. මේ මගින් මානව සබඳතා තව තවත් තහවුරු වන අතර, අප පමණක් තනිව කා බී ජීවත් වීම නොව, ජීවත් වීමට අන් අයව අපට අවශ්‍ය බවත්, අන් අයව අප ජීවත් කරවිය යුතු බවත් පසක් කර දෙනව. මන්ද, දෙවියන් වහන්සේ මිනිසාව මවා තිබෙන්නේ තනිව ජීවත් වීමට නොව සාමූහිකව ජීවත් වීමට ය. (උත්පත්ති 2 : 18) “ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිගකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය." (1 ජොහාන් 3 : 17 - 18) යනුවෙන් ජොහාන් අපොස්තුළුතුමා ප්‍රකාශ කරන්නේ එනිසා ය. විශේෂයෙන් කාන්තා පක්ෂය මෙම ගනුදෙනු කිරීම කරන්නේ තම ළිඳ හා ජලය සමගය. ජලය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බව කිතුනු අදහස ය. ජලය සමග ගනුදෙනු කිරීම යනු එක් අන්දමකින් තමන්ව ජීවත් කරවන දෙවියන් වහන්සේගේ මැවිල්ලට ගරු කිරීමකි, ආදරය කිරීමකි.
සිංහල අළුත් අවුරුදු ක්‍රීඩා අපට අමතක කළ නොහැකි දෙයකි. මේවා එක් අන්දමකින් අපගේ ජාතික අනන්‍යතාවය පෙන්වන ජාතික ක්‍රිඩාවන් වෙති. නූතන දරුවන්, තරුණ පරපුර මේවා ගැන හරි හැටි නොදැන සිටීම කණගාටුවට කරුණකි. රැකගත යුතු ජාතික චාරිත්‍රයකි. මේ මගින් ගමේ නගරයේ වැසියන් අතර එකමුතුකම, සුහදතාවය, සහෝදරත්වය, සමගිය වැනි කිතුනු වටිනාකම් ඉස්මතු වෙනව. උස් පහත් බේද පසෙක ලා සැම දෙනම විශේෂ බැඳීමකින් ක්‍රියා කිරීමට යොමු වෙනව.
හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රය ද සිංහල අළුත් අවුරුද්දේ කැපී පෙනෙන වැදගත් උතුම් ක්‍රියාවකි. විහාරස්ථානය, වෙද මහතා හෝ ලොකු ගුරුතමා මූලික කොට ගෙන පැවැත්වෙ මෙම දේශීය චාරිත්‍රය කිතුනු දෙව්මැදුරු වල දක්නට නොලැබීම ගැන මා තුළ ඇත්තේ කණගාටුවකි. හිස තෙල් ගැල්වීමට විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇත. තෙල් වනාහී ඖෂධීය ගුණයක් ඇති සුවය, ශක්තිය හා උණුසම ලබා දෙන දෙයකි. තෙල් භාවිතයෙන් තොරව ජීවත්වීම අපට තරමක අපහසුවක් ඇත. මන්ද, අපට ආහාර පිසීමේ දී, වෛද්‍ය හා සෞඛ්‍යමය කටයුතු වල දී හා රූපලාවන්‍යයේ දී පවා තෙල් භාවිත කරන බැවිනි. පුරාණ ජුදෙව්වරුන් රජවරුන්, දිවැසිවරුන් අභිෂේක කිරීමේ දී ද, කිසියම් පුද්ගලයෙකුව ගරුත්වයෙන් පිළිගැනීමේ දී තෙල් ආලේප කිරීම සිදු කරයි. මග්දලාවේ මරියා ජේසුස් වහන්සේගේ දෙපා ආලේප කළා ය. ජේසුස් වහන්සේගේ ශ්‍රී සිරුර සුගන්ධවත් ඖෂධීය තෛලයෙන් ආලේප කිරීමෙන් පසුව ගල්ලෙනෙහි තැන්පත් කර ඇත. කිතුනුවා ප්‍රසාද ස්නාපනය, අභිවෘද්ධි ආලේපනය, පූජකවරය හා රෝගීන් ආලේප කිරීමේ පුසාද නිධාන ලබන විට ශුද්ධ වූ තෛලයෙන් ආලේප කරයි. මේ අනුව බලන කල තෙල් භාවිතය වඩාත් සම්බන්ධ වන්නේ කිතුනුවාට ය. ශුද්ධාත්ම ආලෝකය හා මග පෙන්වීම මුළු කිතුනු ජීවිතයට ප්‍රාර්ථනය කරමින් කිතුනු දේවස්ථාන වල පූජාප්‍රසාදිතුමෙකුට මෙම සිංහල අවුරුදු චාරිත්‍රය පැවැත්වීමට පුළුවන. අභිවෘද්ධි ආලේපනය හා පූජකවරය වැනි ප්‍රසාද නිධාන මෙවැනි දිනක දී දානය කිරීම වඩාත් උචිත යැයි මගේ හැඟීම ය.
ශ්‍රී ලාංකේය කිතුනු දායකත්වය
මෙම චාරිත්‍ර කිතුනු දිවියට හා ජනවන්දනාවට නොගැළපේ යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ක්‍රිස්තුස් වහන්සේ ද තම රටට ජාතියට ආදරය කළ ජුදෙව්වෙකු ලෙසින් දේශීය සංස්කෘතිකාංග අනුසාර කළ සේක. ක්‍රිස්තු වර්ෂ 1962 - 65 අතර කාලයේ දී පැවැත්වුණු දෙවන වතිකාන මන්ත්‍රණ සභාව මගින් ස්වදේශික කතෝලික සභාවන්ට සිය රට වල දේශීය සංස්කෘතිකාංග හා ඒවායින් ප්‍රකාශ වන වටිනාකම් එක්කර ගැනීමට අවසරය හා අවකාශය ලබා දී ඇති බව අප අමතක නොකළ යුත්තකි. අවශ්‍ය වන්නේ මෙම දේශිය සංස්කෘතිකාංග වලට කිතුනු වටිනාකමක් ලබා දීම ය. එය නිකම් ආවාට ගියාට කළ නොහැක්කකි. ඒ සඳහා බුද්ධිමත් නිසි අධ්‍යයනයක් පළමුව කළ යුතු ය. එම දේශීය සංස්කෘතිකාංග වලින් ප්‍රකාශ වන අර්ථය හඳුනාගත යුතු ය. දේශීය සංස්කෘතිකාංග වලට කිතුනු අර්ථයන් හා වටිනාකම් කාවැද්දවිය යුතු ආකාරය පිළිබඳ නිවැරදි පර්යේෂණයක් කළ යුතු ය. දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාව පවත්වා හමාර වූ විගස, සෝඩා බෝතලය මෙන් ශ්‍රී ලාංකේය කිතුනු සභාවන් දේශානුරූපීකරණයකට යොමු වූව ද නූතනයේ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. එහෙත් අසල්වාසී ඉන්දියාවේ කිතුනු සභාවන් දේශානුරූපීකරණය (එනම්, දේශීය සංස්කෘතිකාංග හා වටිනාකම් වලට කිතුනු අරුතක් දීම) සම්බන්ධයෙන් අපට වඩා ඉදිරියෙන් සිටිනව. මෙය ඔවුන් කරන්නට පෙළඹුණේ දෙවන වතිකාන කතිකාවට පෙර එනම්, පෘතුගීසීන්ගේ කාලයේ සිටයි. ජේසු නිකායික රොබර්ට් ද නොබිලි නමැති පූජකතුමා දැඩි අභියෝග මැද ඉන්දීය ජනවන්දනාවට දේශීය අර්ථයක් දීමට උත්සහ කළා. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසුව අමරලෝපවදාස් නමැති ජේසු නිකායික පූජාප්‍රසාදි තුමා ද ඉන්දීය කිතු දහම දේශානුරූපී කිරීමට දායකත්වය දුන්න.ශ්‍රී ලංකාවේ කිතු දහම හා ජනවන්දනාව දේශානුරූපී කිරීමට වෙහෙස දැරූ පළමු පියවරුන් වන්නේ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා හා අති ගෞරවණීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා යි. මොවුන් එවැනි අනගි මෙහෙවරක නියුතු වුණේ දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාව ඇරඹීමට සියවස් ගණනකට පෙර ලන්දේසි සමයේ දී යි. ඔවුන් ශ්‍රී ලාංකේය කිතු දහම වෙුනවෙන් කළ සේවය හා දේශානුරූපීකරණයට දුන් දායකත්වය ගැන පැවසීමට මට සිංහලයේ වචන මදි ය. පසුකාලීනව අති උතුම් දේවධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් (නි.ම.නි.) හලාවත රදගුරුතුමා, මොල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමා, මර්සලීන් ජයකොඩි (නි.ම.නි.) පියතුමා, ඩී ජේ. ඇන්තනී (නි.ම.නි.) පියතුමා වැනි අය සිංහල හා දමිළ සංස්කෘතිකාංග වලට කිතුනු වටිනාකම් දීමට අගය කළ යුතු වෙහෙසක් දැරූ අය වෙති. නමුත් නූතනයේ එවැනි පර්යේෂණ වල නිරතවීමට කිතුනු බැතිමතුන් ඉදිරිපත් නොවීම අවාසනාවකි.
මේ පිළිබඳ පළමු ලිපිය මා 2010 අප්‍රේල් 13 අඟහරුවාදා දින පළ කර ඇත. එය කියවීමට අවශ්‍ය නම් මෙතැනින් යන්න. සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර කතෝලිකයාට අකැප ද? [Click Here]
පළමුවෙන්ම ඔබට ස්තුති වන්ත වෙනවා මේවගේ Blog එකක් කරන එක ගැන.ඔබ මේ ලිය ඇති හැම ලිපියක් ම ඉතා වැදගත්ය. මෙමගින් මා නොදත් බොහෝ කරුණු ඉගෙන ගත්තේය.මම කතෝලිකයෙක් වුනාට මෙච්චර ගෑබුරට දෑන සිටියේ නැත.මේ ලිපි මටත් කතෝලික ආගම ගැන හරියට නොදත් මා හදුනන බොහෝ අයටත් උදව් වුනි.පුළුවන් කමක් තියනවනම් තව තවත් මෙවෑනි ලිපි ලියන්න. ඉංග්‍රීසියෙන් කොතෙකුත් ලිපි මම කියවා ඇති නමුත් ඔබ ලියාන ලිපි ඉතා පැහැදිලිය.මිට අමතරව යාච්ඤා පිලිබදව හා සිංහල යාච්ඤා ටිකක් පල කරන්න.ශුද්ධවන්තයින් ගැන, පල්ලිය ගැන වගේ හැම දේ ගැනම ලියන්න.
ReplyDeleteනැවතත් ගොඩක් ස්තුති මේ ලිපි වලට..
තවදුරටත් මිට වැඩ හොදට ඔබට ලිවීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඔබර ජේසු පිහිටයි....
පළමුවෙන්ම ඔබට ස්තුති වන්ත වෙනවා මේවගේ Blog එකක් කරන එක ගැන.ඔබ මේ ලිය ඇති හැම ලිපියක් ම ඉතා වැදගත්ය. මෙමගින් මා නොදත් බොහෝ කරුණු ඉගෙන ගත්තේය.මම කතෝලිකයෙක් වුනාට මෙච්චර ගෑබුරට දෑන සිටියේ නැත.මේ ලිපි මටත් කතෝලික ආගම ගැන හරියට නොදත් මා හදුනන බොහෝ අයටත් උදව් වුනි.පුළුවන් කමක් තියනවනම් තව තවත් මෙවෑනි ලිපි ලියන්න. ඉංග්‍රීසියෙන් කොතෙකුත් ලිපි මම කියවා ඇති නමුත් ඔබ ලියාන ලිපි ඉතා පැහැදිලිය.මිට අමතරව යාච්ඤා පිලිබදව හා සිංහල යාච්ඤා ටිකක් පල කරන්න.ශුද්ධවන්තයින් ගැන, පල්ලිය ගැන වගේ හැම දේ ගැනම ලියන්න.
ReplyDeleteනැවතත් ගොඩක් ස්තුති මේ ලිපි වලට..
තවදුරටත් මිට වැඩ හොදට ඔබට ලිවීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඔබර ජේසු පිහිටයි....
Recipe Lanka වෙතට...
ReplyDeleteමගේ බ්ලොග් අඩවිය හා එහි ඇතුළත් ලිපි පිළිබඳව ඉතා උතුම් අදහස් පළ කළ ඔබතුමාට අනේක වාරයක් ස්තුති පුදමි. එම අදහස් මා දිරි ගැන්වීමට හා ශක්තිමත් කිරීමට සහයක් වුණා. ඔබතුමා ඉල්ලා සිටි පරිදි යාච්ඤා, ශුද්ධවන්තයන් හා ශුද්ධ වූ සභාව පිළිබඳව විවිධ හරවත් ලිපි කිහිපයක් ඉදිරියේ දී පළ කිරීමට මා උත්සහ කරන්නම්. නැවතත් ඔබතුමාට මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුදමි.
ඔබතුමාට ජයෙන් ජය!
ජේසු පිහිටයි!
෴ ධර්මෝපදේශකයා ෴