Recent Posts

පාද නමස්කාර ස්ථාන සම්බන්ධ ජාත්‍යන්තර සභා නීති

  1. කිසියම් පූජකවරයෙකුට හෝ පැවිදිවරයෙකුට තමන් සේවය කරන ස්ථානයෙහි හෝ මීසමෙහි පාද නමස්කාර ස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් පළමුව එම සේවා ස්ථානය හෝ මීසම අයත් රදගුරු පදවිය බාර රදගුරුවරයාගෙන් අවසර ලබා ගත යුතුය. 
  2. පාද නමස්කාර ස්ථාන සඳහා ප්‍රතිමා, සිතුවම් හෝ කැටයම් අවශ්‍යම නොවේ. එම ස්ථාන නිරූපණයවීමට කුරුසියක් හා එම පාද නමස්කාර ස්ථානයේ නම පමණක් තිබීම ප්‍රමාණවත්ය.එහෙත් එම කුරුසිය ලීයෙන් නිම කළ එකක් විය යුතුවේ. බිත්තිය මත සකස් කළ සිතුවමක් පමණක් නම් එය නිශ්ඵල ය. (Sacred Congregation of Indulgences, 1837, 1838, 1845) 
  3. දෙව්මැදුරක් ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඒ තුළ ස්ථාපිත කොට ඇති පාද නමස්කාර ස්ථාන වඩාත් සුදුසු ස්ථානයකට ගෙන යන්නේ නම් හෝ කිසියම් නිශ්චිත හේතු සාධකයක් නිසා පාද නමස්කාර ස්ථාන වල කුරුස මාරු කරන්නේ නම්, ඊට හිමි නියමිත පූර්ණඵල හෙවත් ගැළවීම ලබා ගැනීමට අවශ්‍ය වන දේව වරප්‍රසාද (Indulgences) අහිමි නොවන පරිදි කළ යුතුවේ. (Sacred Congregation of Indulgences, 1845) කුරුස සළකුණු වලින් හරි අඩකටත් වඩා මාරු කර ඇති විට දී හැර, එක් කුරුසියක් හෝ දෙකක් පමණක් මාරු කරන්නේ නම්, ඊට නැවුම් ආශිර්වාදයක් (Fresh Blessing) අනවශ්‍යය. (Sacred Congregation of Indulgences, 1839) 

  4. හැකියාවක් ඇති විට දී ඒ ඒ ස්ථාන වලට මෙනෙහි කිරීම සඳහා ස්වාධීන භාවනා තිබිය යුතු අතර, එය ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා සම්බන්ධ පොදු භාවනාවක් හෝ වෙනත් සිදුවීම් හා සම්බන්ධ භාවනාවක් නොවිය යුතුය. එහෙත් ඒ ඒ ස්ථානයේ දී කීමට නිශ්චිත යාච්ඤා නියම කර නැත. 
  5. පාද නමස්කාර ස්ථාන අතර දුර ප්‍රමාණය නිශ්චිත වශයෙන් නියම කර නැත. පූජකතුමා (පූජාප්‍රසාදීවරයා) පාද නමස්කාරයේ ස්ථානයෙන් ස්ථානයට ගමන් කරමින් පාද නමස්කාරය පවත්වයි නම්, බැතිමතුන්ට එකම ස්ථානයක සිට එයට සහභාගි වෙමින් නියම්ත පූර්ණඵල ලබා ගත හැකිය. 
  6. සියලු පාද නමස්කාර ස්ථාන සියලු බාධාවන්ගෙන් තොර හා යාච්ඤාවට කරදරයක් නොමැති ස්ථාන වල සැකසිය යුතුවේ. (Sacred Congregation of Indulgences, 22 January 1858)  පාද නමස්කාරය පැවැත්වෙන අතරතුර දිව්‍ය පූජාවට සහභාගි වීම, සමගි සන්ධානයේ (පාපොච්චාරණයේ) ප්‍රසාද නිධානය ලැබීම හෝ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම එම බාධාවන් ලෙස නොසැලකේ. යමෙකු පාද නමස්කාරය දිනකට එක් වතාවකට වඩා කරන්නේ නම්, ඒ සෑම අවස්ථාවකට ම නියමිත පූර්ණඵල හිමි වේ. (Sacred Congregation of Indulgences, 10 September 1883) තමන් පාපයෙන් තොරව ශුද්ධවන්තව, දේව වරප්‍රසාදීය තත්ත්වයක සිටින්නේ නම්, පාද නමස්කාරය පැවැත් වූ දින දී සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට අවශ්‍ය නොවේ. 
  7. සාමාන්‍යයෙන් පාද නමස්කාර ස්ථාන දේවස්ථානය තුළ හෝ යාච්ඤා ගෘහය තුළ ඉදි කළ යුතුය. එහෙත් කිසියම් හේතුවක් නිසා එළිමහන් ස්ථාන වල පාද නමස්කාර ස්ථාන ස්ථාපිත කරන්නේ නම්, එහි ආරම්භක ස්ථානය හා අවසාන ස්ථානය දේවස්ථානය තුළ පැවැත්විය යුතුය.

    කතෝලික භක්ති අභ්‍යාස අතර පාද නමස්කාරය තරම් අපට පූර්ණඵල ලැබෙන වෙනත් කිසිඳු භක්ති අභ්‍යාස පිළිවෙතක් නැත. එහෙත් එහි නිසි ඵල ප්‍රයෝජනය ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හා අණපණත් වලට කීකරු වී, ජීවිත දුක් කරදර නැමැති අපගේ ජීවිත කුරුස රැගෙන සැබෑ මනස්ස්ථාපනයෙන් යුතුව ඔවුන් වහන්සේව අනුගමනය කිරීම මතය. පාද නමස්කාරයේ දී යාච්ඤා පොත් වල දැකිය හැකි පූර්ණඵල ලැබෙන යාච්ඤා සියල්ල නිවැරදිව උච්චාරණය කිරීමෙන් ඊට නියමිත එම පූර්ණඵල ලබා ගැනීමට පහසුවක් වේ. එසේම, පාද නමස්කාර ස්ථාන වල දී කියනු ලබන යාච්ඤා හා භාවනා පොදුවේ හෝ පෞද්ගලිකව භාවිත කළත්, ඒවා විශේෂයෙන් සියලු දෙනාටම ගැළපෙන, එම අවස්ථාවට සුදුසු  ඒවා විය යුතුය.*
    --------------------------------------- ෴
    * රෝමයේ කොලෝසියමේ ස්ථාපිත කර ඇති පාද නමස්කාර ස්ථාන වල සෑම සිකුරාදා දිනක දී ම ප්‍රැන්සිස්කාන පූජාප්‍රසාදිවරුන් මෙහෙයවන පාද නමස්කාර භක්තිය වර්තමානයේ ‍බොහෝ ජනප්‍රිය වූ පූර්ණඵල පාද නමස්කාර භක්ති අභ්‍යාසයකට නිදසුනකි.       

    DAILY DEVOTION BOX

     
    Support : Creating Website | Johny Template | Mas Template
    Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
    Template Created by Creating Website Published by Mas Template
    Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith