මුල් සභා කාලයේ සිටම කිතුනුවන් චතාරික කාලයේ දී විවිධ භක්ති අභ්‍යාස පැවැත්වීමට යොමු වූහ.
- ක්‍රිස්තුස් වහන්සේ විඳි වධගාවිනා මෙනෙහි කිරීමටත්,
- ඒවාට කිතුනු අපගෙන් යම් දායකත්වයක් ලබා දීමත්,
- ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ගාවිනා ජීවිත අත්දැකීමක් කර ගැනීමත්,
- එම දුක් පීඩා වලට පංගුකාර වීමෙන් තම පාප වලට මනස්ස්ථාපනය වී ඒවාට කිසියම් වන්දි ගෙවීමක් කිරීමත්
අරමුණු කොට ගෙන මෙම චතාරික භක්ති අභ්‍යාස පැවැත්වූහ. මේ අනුව පරම්පාවෙන් පරම්පරාවට පැවත එන චතාරික භක්ති අභ්‍යාස අතර,
- එක්වරුශීලය රැකීම
- චතාරිකය පුරා ගොඩමස් (මාංශ) අනුභවයෙන් වැළකීම
- විවිධ ආශාවන් හා ශාරීරික සුව පහසුව මර්ධන කිරීම
- පාද නමස්කාරයේ යාම
- ජේසුස් වහන්සේගේ ශ්‍රී කුරුසියේ වාක්‍ය සත භාවනා කිරීම
- විවිධ කල්වාරි මධ්‍යස්ථාන වලට වන්දනා ගමන් යාම
- විවිධ දාන පිංකම් හා දිළිඳුන්ට පරිත්‍යාගයන් කිරීම
- සමගි සන්ධනය (පාපොච්චාරණය) නමැති ප්‍රසාද නිධනය ලබා ගැනීම
වැනි ඒවා කැපී පෙනෙති. මෙවැනි චතාරික අභ්‍යාස පැවැත්වීම මගින් තම පාප වලට මනස්ස්ථාපනය වී ඉදිරියේ පැමිණෙන පාස්කු මංගල්‍යයට හොඳින් සූදානම් වීමට හා ක්‍රිස්තුස් වහන්සේ තුළ නව පාස්කුවක් අත්දකින්නට අවස්ථාව උදා වේ. මෙම චතාරික භක්ති අභ්‍යාස අතර වඩාත් ඵලදායක හා වැදගත් ක්‍රියාව වන්නේ සැබෑ මනස්ස්ථාපනයකින් යුතුව හොඳ පාපොච්චාරණයක් කර ගැනීමය.