Recent Posts

චතාරිකය ඇවිල්ලා

෴ චතාරිකයේ අරුත ෴


මිනිස් දුර්වලකමින් පාපයට ඇද වැටුණු අපව මනස්ස්ථාපනය සඳහා කැඳවන, ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය මෙනෙහි කිරීම තුළින් අපගේ වැරදි නිවැරදි කරගෙන නව ජීවිතයක් ඇරඹීමට අපව යොමු කරවන, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට අපව සූදානම් කරවන කාල පරිච්ඡේදය චතාරිකය ලෙසින් හැඳින්විය හැකිය. 
     "චතාරිකය" යන වචනය සෑදී ඇත්තේ, ලතින් භාෂාවේ "හතළිස" යන අර්ථය ඇති "ක්වඩ්ඩ්‍රා ජේසීමා" යන වචනයෙනි. "චතාරිකය" යන වචනය "චත්තාලිස" යන වචනයෙන් බිඳී එයි. "කොරොස්ම කාලය" යනුවෙන් ද හැඳින්වෙන මෙය ශ්‍රී ලාංකේය කිතුනුවන් "දැඩි උණුසුම් කාලයක්" යන අදහස ඇතිව භාවිත කරයි. එය ඉතාලි භාෂාවේ "කොරේසීමා" යන වචනයෙන් බිඳී එන්නකි.  චතාරිකයට ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන LENT යන්න ඇංග්ලෝ සැක්සන් මූලාශ්‍ර වලට අනුව "වසන්තයේ උදාව" යන අදහස ගෙන දෙයි. ශිශිර සෘතුව ක්‍රමයෙන් පහව යමින් වසන්ත කාලය උදාවන්නේ මෙම කාලයේ නිසා ඉංග්‍රීසියෙන් මෙම වචනය යෙදේ. කිතුනු ආගමක සංකල්ප වලට අනුව චතාරිකය ජීවිත පරිවර්තනයක් තුළින් ඇතිවන නව කිතුනු වසන්තයක උදාව ඇති කර ගැනීමට කිතුනුවන්ව යොමු කරවන අවධියකි.

මිනිසාට ආගමක් අවශ්‍ය වන්නේ ඇයි?

සිග්මන් ‍‍ප්‍රොයිඩ් පෙන්වා දෙන ආකාරයට මිනිසා උපතින්ම ස්වභාවික නොහික්මුණු ගති ලක්ෂණ වලින් පිරුණු පුද්ගලයෙක්. ඔහු එම තත්ත්වය හඳුන්වා දුන්නේ "ඉඩ් සංස්කාරය" යන නමිනුයි. මෙම නොහික්මුණු තත්ත්වයෙන් ශිෂ්ට සම්පන්න හික්මුණු මනුෂ්‍යයෙකුගේ ("සුපර් ඊගෝ") තත්ත්වයට පරිවර්තනය වීමට තමන් අදහන ආගම ඉතා ප්‍රයෝජනවත් වන බව බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ මතය වෙයි.


ආගමක් තුළින් සිදුවන කාර්යයන් අතර,
  • මනුෂ්‍ය සිතුවිලි පාලනය කිරීම, හැඩගැස්වීම හා අර්ථවත් කිරීම
  • මිනිස් බුද්ධිය හා චින්තනය සදාචාරවත් කිරීම
  • සමාජය තුළ පිළිගත් සාරධර්ම (පුරුෂාර්ථ - ධර්ම ගුණ) ගොඩනැංවීම
  • මිනිස් සමාජය යහපත කරා යොමු කරවීම
  • යහපත-අයහපත අවබෝධ කරගැනීමට සහය ලැබීම
  • මිනිසාගේ ඇතුළාන්තය සොයන විමුක්තිය ළඟාකර දීම
යනාදිය නිසාවෙන් ආගමක් මිනිසාට අවශ්‍ය වන බව පෙනේ.

දේව සංකල්පයේ උපත

ඉතා ඈත අතීතයේ දී මිනිසා තම බුද්ධියෙන් තේරුම්ගැනීමට අපහසු විශ්වයේ අභිරහස් දේවත්වයෙන් සැලකීමට යොමු විය. ක්‍රමයෙන්මිනිසා විද්‍යාත්මක පරිකල්පන චින්තන‍යෙන් දියුණු වන විට විශ්වයේ අභිරහස් ‍ ගවේෂණය කොට ඒවා තේරුම්ගැනීමට සමත් විය. එහෙත් එම විශ්වීය බලවේග මෙහෙයවන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් පවතින බව ඔහුට දැනෙන්නට විය. එම මහා සර්ව බලවේගය තමන්ට විමුක්තිය සලසන දෙවියන් වහන්සේ බව මිනිසා අවබෝධ කර ගත්තේය.

ආගම වනාහී.....

ආගමක් යනුවෙන් අදහස් කරන්නේ,මිනිස් චර්යාවන් සදාචාරාත්මකව හැඩගස්වන, මිනිසාව පූර්ණ විමුක්තිය වෙත ගෙන යන, සාරධාර්මික ජීවිතයකට යොමු කරවන, මානසික හා ආධ්‍යාත්මික සුව සහනය ලබා දෙන,විශ්වාස, ඇදහිලි හා විවිධ වත්පිළිවෙත් මගින් ජීවිත පිළිවෙල ක්‍රමවත් කරන ක්‍රියාවලියක්. 

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith