
"මහ බ්‍රහස්පතින්දා" යන්න ශුද්ධ වූ සතියේ අපට හමුවන ඉතා වැදගත් දින කිහිපයෙන් එකකි. "මහ බ්‍රහස්පතින්දා" යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් "Moundy Thursday" යන්න යෙදේ. එම "Moundy" යන වචනය ලතින් භාෂාවේ "Mandatum" යන වචනයෙන් බිඳී එයි. පැරණි ප්‍රංශ භාෂාවේ "Mande" යනුවෙන් යෙදේ. විලියම් බ්ලේක් (ක්‍රි.ව. 1794) නමැත්තා පෙන්වා දෙන ආකාරයට මෙම වචන වල අර්ථය, "ප්‍රේමයේ පණත" හෙවත් "ආඥාව" යන්නය. ("Mandatum novum do vobis ut diligat is invicem sicut dilexi vos" - John 13 : 34)
"මම ඔබට අළුත් ආඥාවක් දෙමි; එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න." (ජොහාන් 13 : 34)යනුවෙන් ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රී භෝජනයේ දී තම ශ්‍රාව