
ඉතා ඈත අතීතයේ දී මිනිසා තම බුද්ධියෙන් තේරුම්ගැනීමට අපහසු විශ්වයේ අභිරහස් දේවත්වයෙන් සැලකීමට යොමු විය. ක්‍රමයෙන්මිනිසා විද්‍යාත්මක පරිකල්පන චින්තනයෙන් දියුණු වන විට විශ්වයේ අභිරහස් ගවේෂණය කොට ඒවා තේරුම්ගැනීමට සමත් විය. එහෙත් එම විශ්වීය බලවේග මෙහෙයවන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් පවතින බව ඔහුට දැනෙන්නට විය. එම මහා සර්ව බලවේගය තමන්ට විමුක්තිය සලසන දෙවියන් වහන්සේ බව මිනිසා අවබෝධ කර ගත්තේය.