Home » » කතෝලික සභාවේ කාර්ඩිනල්වරු

කතෝලික සභාවේ කාර්ඩිනල්වරු

හැඳින්වීම 
"ගැලේරෝ" නම් වූ තොප්පිය රැගත් කාඩිනල්වරුන්ගේ නිළ ලාංඡනය
ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට මහත් අමන්දානන්දයට හේතු වූ කරුණක් වූයේ පසුගිය දිනක ශ්‍රී ලංකා කතෝලික සභාවට නව කාර්ඩිනල්වරයෙකු තේරී පත් වීමය. කාර්ඩිනල්වරයෙකු යනු,  පාප්තුමෙකු විසින් නම් කොට තෝරා පත් කර අභිෂේක කරනු ලබන කතෝලික පූජ්‍යවරයෙකුට හිමි වන කතෝලික සභාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨ පදවියකි. මෙය උත්තරීතර පදවියක් වන්නේ ශුද්ධෝත්තම පාප්තුමාව තෝරා ගන්නේ මොවුන් අතරින් වීම නිසයි. කාර්ඩිනල්වරුන්ව හඳුන්වන්නේ, "කතෝලික සභාවේ කුමාරවරුන්" [Princes of Catholic Church] ලෙසිනි. එසේම, ඔවුන්ව "කතෝලික සභාවේ ජීවමාන පීතෘවරුන්" [Patriarch of the Catholic Church] ලෙසින් ද හඳුන්වති. මන්ද, ඔවුන්ගේ දැහැමි ශුද්ධවත් දිවි පෙවෙත, කතෝලික සභාව හා ධර්මය වෙනුවෙන් වන කැපවීම සහ ‍සේවය හේතුවෙන් ශුද්ධෝත්තම පාප්තුමාගේ දහම් සේවයට හා සභා පරිපාලනයට සහය වීම පිණිස ඔවුන්ව කැඳවා තිබීම ය. එසේම ජේසුස් වහන්සේගෙන් හිමිකර ගත් ධර්මය, ආඥා හා අපෝස්තුළුවරුන්ගෙන් පැවතෙන සභා සම්ප්‍රදාය (ජීවිත පූජාවෙන් වුවද) කාලානුරූපී නවෝදයක් තුළින් ඉදිරියට ගෙන යන්නේ කාර්ඩිනල්වරුන් වීමය.  

කාර්ඩිනල්වරයෙකු ‍පත් කරන ආකාරය 
කාර්ඩිනල්වරුන් තෝරා පත් කිරීමේ සම්පූර්ණ නිදහස හා අයිතිය ශුද්ධෝත්තම පාප්තුමා සතුය. මධ්‍යතන යුගයේ දී ජීවත් වූ කාර්ඩිනල් ගේටනි ස්ටෙෆානෙස්චිගේ "ඔර්ඩෝ රෝමානුස්" [Gaetani Stefaneschi - "Ordo Romanus XIV"] කෘතියට අනුව, පෙර දී නවක කාර්ඩිනල්වරුන් තෝරා පත් කිරීම සඳහා පාප්තුමාට කාර්ඩිනල්වරුන්ගේ උපදෙස් අවශ්‍ය නොවීය. එහෙත් පසුකාලීනව කාර්ඩිනල්වරුන්ගේ සභා සමාජයෙව් ඒ පිළිබඳව මත විමසීම් කර ඇත. ට්‍රෙන්ට් හෙවත් ත්‍රිදෙන්තීන ධර්ම සංඝායනාවෙන්[1] කළ ඉගැන්වීම පරිදි කාර්ඩිනල්වරුන්ගේ සභාව තුළ සෑම දේශයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයන් සිටිය යුතු බවත්, 5 වන සික්ස්ටස් පාප්තුමා [Pope Sixtus V, 1585 May 1 - 1590 August 27] කළ නියමය පරිදි මෙම නියෝජිතයන් දේව ධර්ම විශාරදයන් [Doctors of Theology] විය යුතු බවත්, අවම වශයෙන් හතර දෙනෙකුවත් පරිබ්‍රාජක නිකායයන්ට [Mendicant Orders] අයත් දේවධර්මාචාර්යවරුන් විය යුතු බවත් නියම කර ඇත. දෙවන වතිකාන ධර්ම සංඝායනාව අනුව, කාර්ඩිනල්වරුන්ගේ එම සභාවේ දේව ධර්ම විශාරදයන් පමණක් නොව, බුද්ධිමතුන්, අත්දැකීම් බහුල හා පළපුරුදු සාමාජිකයන් ද සිටිය යුතු බවට උපදෙස් දී ඇත. එසේම ඔවුන්,
  • වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබීම,
  • ශුද්ධවත් චරිතයකින් යුතු වීම,
  • පැවිදිවරය හෝ පූජක කැඳවීම තුළ අවම සුදුසුකම් සපුරා තිබීම,
  • බුද්ධිමත්බව,
  • පුළුල් ධර්මාවබෝධයකින් යුතු වීම,
  • කතෝලික සභාව තුළ අත්දැකීම් බහුල හා විශිෂ්ඨ සේවයක් කර තිබීම,
  • භාෂා ප්‍රවීණතාවය,
වැනි සුදුසුකම් ද අවශ්‍ය වේ. 
Biretta හිස් වැසුම් පළඳනාව පාප්තුමා වෙතින් ලබා ගන්නා අයුරු
කිසියම් පූජ්‍යවරයෙක් කාර්ඩිනල්වරයට සුදුසුකම් තිබේ දැයි කාර්ඩිනල්වරුන්ගේ සභාව ශුද්ධෝත්තම පාප්තුමාගේ අනුශාසනා හා ප්‍රදානත්වයෙන් විමසා ජීවන තොරතුරු අධ්‍යයනයකට ලක් ‍කරයි. එම සුදුසකම් සපුරාලනු ලැබූ තැනැත්තාව කැඳවා ඒ බව දැනුම්දීමක් කරයි. එසේම එම තැනැත්තාගේ කාර්ඩිනල්වරය පිළිබඳව වතිකාන චන්ද්‍රිකා මධ්‍යස්ථානය මගින් ප්‍රසිද්ධ ප්‍රකාශයට පත් කරයි.  එදින සන්ධ්‍යාවේ පාප්තුමාගේ රැස්වීම් ශාලාවට ඔහුව කැඳවා රතු පැහැති අර්ධ කවාකාර කැප් පළඳනාව [Scarlet -Zucchetta- Skull Cap] හිස පළඳනු ලබයි. පසුව කාඩිනල්වරයෙකු වශයෙන් අභිෂේක කරන මහෝත්සවයේ දී එම පූජ්‍යවරයා "කාර්ඩිනල් දිව්රුම් ප්‍රකාශනය"[2] කිරීමෙන් පසුව තුන් මුලස් රතු පැහැති කාර්ඩිනල් හිස වැස්ම [biretta] [3] පාප්තුමා විසින් ඔහුගේ හිස පළඳවා ආසිරි ගන්වනු ලබයි. කාර්ඩිනල්වරුන්ගේ ශුද්ධ වූ පරිපාලක සභාව [Sacred Consistory of the Cardinals] රැස්වී ඔවුන්ගේ සම්ප්‍රදායික පිළිවෙත පරිදි, "මුඛ විවරණය" [Operitio Oris - Opening of the Mouth] හා එම රැස්වීම අවසානයේ "මුඛ වැසුම" [Clousura Oris - Closing of the Mouth] නමැති කාර්යය සිදු කරයි. මෙහි අර්ථය නම්, ශුද්ධෝත්තම පාප්තුමාට අවශ්‍ය දේවධාර්මික බුද්ධිමය උපදේශනයන් ලබා දීම, ශුද්ධ වූ සභාවේ සත්‍යතාවයන් හා අභිරහස්‍යමය කාර්යයන් සුරැකීම සංඛේතවත් කරන්නකි. එම අභිෂේක පිළිවෙතේ දීම මුදුව [4] ඔහුගේ දකුණත පැළඳීම කරන අතර, ඔහුගේ නිළ ගෞරව නාමය හෝ රදගුරු වසම (ප්‍රදේශය) ද ප්‍රකාශ කරයි. 
කාර්ඩිනල්වරයෙකුගේ මුදුව


කාර්ඩිනල් මුදුව පාප්තුමා වෙතින් පැළඳ ගනිමින්
සාමාන්‍යයෙන් නාම යෝජිත කාර්ඩිනල්- වරයෙකුව කතෝලික සභාවේ නිළ ලත් කාර්ඩිනල්- වරයෙකු ලෙස පිළිගෙන ගරුත්වය පිරි නමන්නේ ඔහු කාර්ඩිනල්වරයෙකු වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර, හිස් වැසුම හා මුදුව පැළඳවීමෙන් අනතුරුව ය.  

කාර්ඩිනල්වරයෙකුගේ කැප් හිස් වැස්ම
Biretta හිස් පළඳනාව
කාර්ඩිනල්වරයෙකු වීමට තෝරා ගනු ලැබූව ද ඔහුගේ නම ප්‍රසිද්ධියේ යෝජනා ස්ථිරත්වයට පත් කිරීමට පෙර පාප්තුමෙකු ස්වර්ගස්ත වුවහොත්, එම කාර්ඩිනල්වරයාට "රතු හිස්වැස්ම" හිමි කර ගැනීමට අයිතියක් නොලබන අතර, පාප්තුමෙකුව තෝර පත් කරන "කොන්ක්ලේව්" කාර්ඩිනල් සභාව තුළ පාප්වරයාව තෝරා පත් කිරීමේ ඡන්දය භාවිත කිරීමේ හැකියාව හා අපේක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව ද හිමි නොවේ.   
කාර්ඩිනල්වරයෙකු සතු කාර්යයන්
මැල්කම් රන්ජිත් කාඩිනල් හිමි දිව්‍ය පූජාව පවත්වමින්
කාර්ඩිනල්වරයෙකුගේ ප්‍රධාන කාර්යය වන්නේ, කතෝලික සභාවේ දෘෂ්‍යමාන නායකයා හා රෝමයේ රාජගුරුප්‍රසාදී තුමා වශයෙන් සැලකෙන ශුද්ධෝත්තම පාප්තුමාව ඔවුන්ගේ නිදහස් ඡන්දයෙන් තෝරා පත් කිරීම ය. එහෙත් මුල් කාල වල දී කාර්ඩිනල්වරුන්ගේ ප්‍රධාන කාර්යයන් වශයෙන් සැලකුවේ ශුද්ධෝත්තම පාප්තුමාට ජනවන්දනා කටයුතු, දිළිඳුන්ට උපකාර කරමින් රැකබලා ගැනීම, කතෝලික සංඝයේ පරිපාලන කටයුතු වලට සහය වීම, මූල්‍ය කටයුතු මෙහෙයවීම හා විවිධ ධර්ම සංඝායනා පැවැත්වීමට උපදෙස් දීම වැනි දේ වෙති. ක්‍රිස්තු වර්ෂ 1059 දී 2 වන නික්ලස් ශුද්ධෝත්තම පාප්තුමා නිකුත් කළ "ඉන් නොමිනේ ඩොමිනි" [In Nomine Domini] නමැති ශුද්ධාසන ආඥා පත්‍රය මගින් ඔවුන්ව පාප්වරයාව තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙසින් නම් කෙරුණි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් පාප්වරයාව තේරීම හා කතෝලික සභාව පරිපාලනය කිරීම කාර්ඩිනල්වරුන් සතු අයිතියක් හා කාර්යභාරයක් බවට පත් විය. ක්‍රිස්තු වර්ෂ 1179 දී 3 වන ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ, "ලිසෙට් ඩි විටන්දා" [Licet de Vitanda] නමැති, ලැටරන් හි ධර්ම සංඝායනාවේ දී ඉදිරිපත් කළ ශුද්ධාසන නියෝගය මගින් එය වඩාත් තහවුරු විය. මේ සඳහා "කොන්ක්ලේව්"[5] නමැති කාර්ඩිනල්වරුන්ගේ නිදහස් සංඝ සභාවක් ඇති කෙරුණි. එසේම අතීතයේ දී කාර්ඩිනල්වරුන්ට පාප්තුමාගේ අනුමැතිය ඇතිව රදගුරුවරුන් තෝරා පත් කිරීමටත්, ඔවුන්ට යම් යම් බලතල පවරා දීමටත්, අවශ්‍ය විටෙක ඒවා අහිමි කිරීමටත්, පාප්තුමාට හා සභාවට එරෙහිව යන කුමාරවරුන්ට යම් යම් තහනම් නියෝග පැණවීමටත් බලයක් තිබී ඇත. එමෙන්ම, අතීතයේ දී කාර්ඩිනල්වරුන් රාජ්‍ය මන්ත්‍රණ උපදේශක සභා වල ද ප්‍රධාන උපදේශකවරයා ලෙස ක්‍රියා කර ඇත. ස්පාඤ්ඤය, පෘතුගාලය හා ප්‍රංශය වැනි රාජ්‍ය වල රජවරුන්‍ තම විශේෂ කාර්යයන් හා වගකීම් විශ්වාසවත්ව පවරා දී තිබුණේ කාර්ඩිනල්වරුන්ට ය. එවැනි අයව"ඔටුණු පළන් කාර්ඩිනල්" යන නමින් හඳුන්වයි.[6] ආගමික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, ඇතැම් රජවරුන්ට හා කුමාරවරුන්ට රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳව ද උපදෙස් ලබා දී ඇත.
 කාර්ඩිනල්වරුන්ගේ "කොන්සිස්ටරි" සභා රැස්වීම් අවස්ථාවක්
කාර්ඩිනල්වරුන් සතු කාර්යයන්  ප්‍රධාන වශයෙන් තුන් ආකාර වෙති. 
  1. ශුද්ධෝත්තම පියතුමා සමග සම්බන්ධ වී කරන ශාසනික කාර්යයන්,
  2. කතෝලික සභාවේ සමස්ත රදගරුවරුන් සමග සම්බන්ධ වී කරන කාර්යයන් හා
  3. තම නිළයට අයත් ශාසනික කාර්යයන් 

යනුවෙනි. කෙසේ වුවද, කාර්ඩිනල්වරුන් වගකීම් හා දූත කාර්යයන් පොදුවේ ගෙන බැලීමේ දී, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට සමාන්තර ‍ධර්මදූත සේවයක් සභාව තුළ කර ගෙන යාමත්, අපෝස්තුළුවරුන් මුල් කිතුනු සභාව තුළ කළ සේවය, ඉගැන්වීම් හා කාර්යයන් කතෝලික සභාව තුළ ජීවත් කරවීමත් කළ යුතුය. තවද, ඔවුන් පාප්තුමාගේ ධර්මදූත සේවය හා සභා පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා සහය වන ශාසනික උප‍දේශකවරුන් ලෙස ද කටයුතු කරති. එසේම, "කාර්ඩිනල්වරුන්ගේ උපදේශක සභාව" [Sacred Council of the Cardinals] වෙත පැවරී ඇති කාර්යයන් වන, නවක කාර්ඩිනල්වරුන්ගේ නම් යෝජනා කිරීම, ඔවුන්ගේ නාම ප්‍රකාශයට පත් කිරීම, කාර්ඩිනල්වරයෙකු වශයෙන් කතෝලික සභාවේ පූර්ණ පිළිගැනීමට අවශ්‍ය වන රතු හිස් වැස්ම ප්‍රදානය කිරීම සඳහා කටයුතු සංවිධානය කිරීම, හා අගරදගුරුවරුන්ගේ "පැල්ලියම" [Pallium][7] ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කිරීම වැදගත් වෙති. [Bishop - Click Here]  එසේම, කතෝලික සභාවේ අනුනායකවරයා [Vicar General of the Holy Catholic Church] තෝරා පත් කිරීම හා ශුද්ධෝත්තම පාප්තුමාගේ අනුමැතිය හා අවසරය ඇතිව අසාධ්‍ය රෝගී හෝ මහළු පාප්වරයෙකු වෙනුවෙන් එම ධූරයේ වැඩ බැලීම පිණිස තාවකාලික අනුප්‍රාප්තිකයා නම් කිරීම අවසරය යනාදී සේවාවන් කිරීමට සිදුවේ. මීට අමතරව පහත දැක්වෙන කාර්යයන් ද ඔවුන් සතු වගකීම් අතර වෙති.
  1. විශ්වාසය, සදාචාරය හා ජනවන්දනාව සම්බන්ධ දේවධාර්මික කටයුතු සොයා බැලීම,
  2. කතෝලික සභාව තුළ විවිධ දේවධාර්මික තීරණ ගැනීමට පාප්තුමාට උපදෙස් සැපයීම,
  3. දැහැමි ශුද්ධවත් ජීවිත ගත කළ අයව ශුද්ධවරයට එසවීම සඳහා කටයුතු විමසා බැලීම,
  4. නව පූජක හා පැවිදි නිකායන් සම්බන්ධ නීති විමර්ශනය කොට අනුමැතියන් දීම,
  5. කතෝලික සභාවේ විශ්ව විද්‍යාල [Pontifical Universities] හා දේවධර්ම විද්‍යාල [Theological Institutes] සමග සම්බන්ධතා පවත්වා ගැනීම,
  6. විශ්ව කතෝලික සභාව මගින් දානය කරන විවිධ දේව අනුග්‍රහයන් [Divine Graces] පිළිබඳව තීරණයන් ගැනීම,
  7. විවිධ පූජ්‍යවරුන්ගේ ශුද්ධාසන නිළ පත්වීම් හා ශුද්ධාසනාවරණ [Papal Elections] පිළිබඳ නීති සම්පාදනය හා ඒවා කාලීනව නවීකරණය කිරීම,
  8. කාලීන අවශ්‍යතා පරිදි විවිධ දේවධාර්මික තේමා සම්බන්ධයෙන් ධර්ම සංඝායනා හෙවත් මන්ත්‍රණ සභා [Ecumenical Councils] පැවැත්වීමට අවශ්‍ය පියවරයන් ගැනීම,
  9. අපෝස්තලික තානාපතිවරුන් [Papal Embassy] හා අනුනායකවරුන් තෝරා පත් කිරීම පිළිබඳ තීරණ ගැනීම් වලට පාප්තුමාට උපදෙස් සැපයීම,
  10. කතෝලික සභාවේ සියලු රදගුරු වසම් හා ඒවාට රදගුරුවරුන් පත් කිරීම සඳහා සුදුසු පුද්ගලයන් තේරීම, ඔවුන් අභිෂේක කිරීම, ඔවුන් මාරු කිරීම හා යම් යම් හේතූන් මත තනතුරු අහිමි කිරීම සම්බන්ධ කාර්යයන්ට දායකත්වය දීම
  11. ශුද්ධාසන උත්සව වල දී ද, ශුද්ධාසන ඡන්ද විමසීමේ දී ද, රදගුරුවරුන්ගේ මන්ත්‍රණ සභා වල දී ද මූලිකත්වය ගෙන කටයුතු කිරීම,

    යනාදිය විශේෂ වෙති.ඊට අමතරව බොහෝ කාර්ඩිනල්වරුන්ට රදගුරු පදවියක් හෝ අගරදගුරු පදවියක් භාරව සේවය කිරීමට සිදු වෙයි. එසේම, තෝරා ගත් ප්‍රධාන කාර්ඩිනල්වරුන් කිහිප නමකට රෝමානු කතෝලික සභා ක්‍යුරියාව [8] තුළ සේවය කිරීමට ද සිදු වෙයි. 


    කාර්ඩිනල් ධූරයට හිමි ගෞරව නාමය
    අති උතුම් මැල්කම් රන්ජිත් කාර්ඩිනල් හිමි අතින් දිව්‍ය සත්ප්‍රසාදය ලබමින්
    ක්‍රිස්තු වර්ෂ 1514 මැයි 5 දින 10 වන ලියෝ පාප්තුමා නිකුත් කළ "සුපර්නායි" [Supernae] නම් ශුද්ධාසන අක්ත පත්‍රයෙහි දක්වා ඇති පරිදි, "කාර්ඩිනල්වරය වනාහී ශුද්ධෝත්තම පාප්තුමාට පසුව ඇති සභාවේ සෙසු සාමාජිකයන් විසින් ඉතා වැදගත් ‍පදවියක් සේ සලකා ගෞරව ප්‍රණාම පුද කළ යුතු ශාසනික තත්ත්වයකි."[9] කිසියම් කාර්ඩිනල්වරයෙකුව අභිෂේක කිරීමේ දී ඔහුට රදගුරු නිළය හා රදගුරු වසමක් නොවේ නම්, ඔහුව පැරණි රෝම අධිරාජ්‍යය තුළ පැවති කතෝලික සංඝයක නාමයෙන් හඳුන්වයි. මෙම නාමයන් "ටයිතුලුස්" [Titulus - Click Here] [10] යනුවෙන් දැක්වේ. එසේම ලතින් - රෝමානු සම්ප්‍රදායට අනුව "එමිනන්ස්[His Eminence - Click Here] යන ‍උතුම් ගෞරව නාමය කාර්ඩිනල්වරයාගේ නාමයට ඉදිරියෙන් භාවිත කිරීම ඉපැරණි සම්ප්‍රදායකි. මින් අදහස් කරන්නේ කාර්ඩිනල්වරයා කතෝලික සභාවේ කුමාරවරයෙකු ලෙසින් සලකා ගරුත්වය දැක්වීම ය. තවද, කාර්ඩිනල්වරයෙකුගේ නාමය ප්‍රකාශ කිරීමේ දී ඔහුගේ නම් අතරට "කාර්ඩිනල්" යන නිළ නාමය යෙදීම පැරණි ලතින් රෝමානු සමාජය තුළින් පැමිණි සම්ප්‍රදායකි. නිදසුනක් ලෙස,"අති උත්තම තෝමස් කාර්ඩිනල් කුරේ හිමිපාණන්" යන්න දැක්විය හැකිය. එහෙත් ඉංග්‍රීසි සමාජය තුළ එය, '[කාර්ඩිනල්]+[පළමු නම]+ [වාසගම]' වශයෙන් යෙදේ.

    කාර්ඩිනල්වරුන්ගේ සභා සමාජය
     කාර්ඩිනල්වරුන්ගේ සභා සමාජය
    ලෝකයේ කතෝලික කාර්ඩිනල්වරුන්ගේ සමස්තය නියෝජනය කරන කාර්ඩිනල් සභාව,"කාර්ඩිනල්වරුන්ගේ සමාජය" [College of Cardinals] යන නමින් හඳුන්වයි. එහි සාමාජික කාර්ඩිනල්වරුන් ප්‍රධාන ‍කොටස් 3 කි. 
    1. රාජගුරුප්‍රසාදී කාර්ඩිනල්වරු [Cardinal Bishop]
    2. පූජාප්‍රසාදී කාර්ඩිනල්වරු      [Cardinal Priest]
    3. තේවාචාර්ය කාර්ඩිනල්වරු   [Cardinal Deacon]
    යනුවෙනි. පාප්තුමාගේ තේරීම පරිදි නම් කොට රාජගුරුප්‍රසාදීවරයෙකු ලෙසින් අභිෂේක කර ඇති රදගුරුවරයෙකු ලබන කාර්ඩිනල් පදවිය "රාජගුරුප්‍රසාදී කාර්ඩිනල්" [Cardinal Bishop] යනුවෙන් හැඳින්වේ. ඔවුන් කාර්ඩිනල්වරුන්ගේ සමාජයේ ශ්‍රේෂ්ඨයන් ලෙසින් සැලකේ. කතෝලික සභාවේ කිසියම් රදගුරු පදවියක පූජකවරයෙකු ලෙසින් සේවය කරමින් සිටිය දී හිමි කර ගන්නා කාර්ඩිනල් ධූරය "පූජාප්‍රසාදී කාර්ඩිනල්" [Cardinal Priest] යනුවෙන් නම් කෙරේ. 20 වන සියවසේ දී රාජගුරුප්‍රසාදී කාර්ඩිනල්වරුන්ගේ ඇබෑර්තු පිරවීම පිණිස දිගු කලක් පූජාප්‍රසාදී කාර්ඩිනල්වරුන් ලෙස සේවය කළ අයව රාජගුරුප්‍රසාදී කාර්ඩිනල් තත්ත්වයට එසවීම සිදු විය.  පූජකවරය ලැබීමට පෙර ඒ සඳහා සූදානම් වෙමින් සිටින "තේවාචාර්ය" යන තත්ත්වය හිමි කර ගෙන සිටින, රෝමයේ කතෝලික ක්‍යුරියාව [Roman Curia] තුළ ක්‍රියා කරන අයෙකු තම සුදුසුකම අනුව ලබා ගන්නා කාර්ඩිනල් ධූරය "තේවාචාර්ය කාර්ඩිනල්" [Cardinal Deacon] යන්නෙන් අදහස් වේ. (සාන්ත චාර්ල්ස් බ්රෝමියෝ තුමා තේවාචාර්යවරයේ සිටිය දී කාර්ඩිනල් තත්ත්වය ලැබූ සාන්තුවරයෙකි.) ධූරාවලි තත්ත්වයෙන් හා ආගමික පෙරහැරක ඔවුන් ගමන් ගන්නා අනුපිළිවෙලෙහි වෙනසක් ඇතත් ඔවුන් සියලු දෙනා "කාර්ඩිනල්වරුන්ගේ සභාවට" ඇතුළත් වෙති. වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කළ තේවාචාර්ය කාර්ඩිනල්වරයෙකුට තමන්ව පූජාප්‍රසාදී කාර්ඩිනල්වරයෙකුගේ තත්ත්වයට උසස් කරන ලෙස අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. තවද, කාර්ඩිනල්වරුන්ගේ සභාවේ ප්‍රධාන තනතුර එහි 'පීඨාධිපති' කාර්ඩිනල්වරයාට හි හිමි ය. ඔහුව "ප්‍රීමුස් ඉන්ටෙර් පාරේස්" ["Primus inter pares"] {(Latin) – 'the first among equals' or 'first among peers'} යන නමින් හඳුන්වයි. 

    "කොන්ක්ලේව්" කාර්ඩිනල් සභාව

    කාර්ඩිනල්වරුන්ගේ "කොන්ක්ලේව්" මැතිවරණ සභාව
    කාර්ඩිනල්වරුන්ගේ "කොන්ක්ලේව්" සභාව [Sacred Congregation of Conclave] මගින් කරන්නේ ස්වර්ගතවීම හෝ විශ්‍රාම ගැනීම හේතුවෙන් හිස් වන පාප් ධූරය සඳහා සුදුසු උතුමෙකු තේරීම පිණිස ඡන්දය භාවිත කිරීම හා ඡන්ද අපේක්ෂක‍යන් ලෙස ඉදිරිපත් වී කටයුතු කිරීමය. කාර්ඩිනල් ධූරය සඳහා තේරී පත්වන සියලු අය මෙම "කොන්ක්ලේව්" සභාවට අයත් වූ නමුත්,  පසුකාලයේ දී එහි සාමාජිකත්වය සඳහා වයස බලපැවැත්වීය. ක්‍රිස්තු වර්ෂ 1585 - 1590 අතර කාලයේ පාප් ධූරය දැරූ පස්වන සික්ස්ටස් පාප්තුමා [Pope Sixtus V, 13 December 1520 – 27 August 1590 - Click Here] රාජගුරුප්‍රසාදී කාර්ඩිනල්වරුන් 6 ක් ද, පූජාප්‍රසාදී කාර්ඩිනල්වරුන් 50 ක් ද, තේවාචාර්ය කාර්ඩිනල්වරුන් 14 ක් ද වශයෙන් "කොන්ක්ලේව්" සභාවේ කාර්ඩිනල්වරුන් සංඛ්‍යාව 70 කට සීමා කළේ ය. එහෙත් 23 වන ජුවාම් පාප්තුමා [Pope John XXIII, 25 November 188 - 3 June 1963 - Click Here] එම සීමාව ඉක්මවා ගියේ ය. ක්‍රිස්තු වර්ෂ 1975 ඔක්තෝබර් 1 දින 6 වන පාවුළු පාප්තුමා [Pope Paul VI, 26 September 1897 – 6 August 1978 - Click Here] නිකුත් කළ, "රෝමානෝ පොන්ටිෆිසි එලිජෙන්ඩෝ[Romano Pontifici Eligendo] නමැති ශුද්ධාසන ආඥා පත්‍රයෙන්, පාප්තුමෙකුව තෝරා පත් කරන "කොන්ක්ලේව්" කාර්ඩිනල් සභාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 80 නොඉක්ම වූ කාර්ඩිනල්වරුන් පමණක් බවට නියම කළේ ය. මේ හේතුවෙන් කාර්ඩිනලවරුන් 25 දෙනෙකුට "කොන්ක්ලේව්" කාර්ඩිනල් සභාවෙන් ඉවත් වීමට සිදු විය. එසේම එම සභාවට අයත් වන උපරිම කාර්ඩිනල්වරුන් සංඛ්‍යාව 120 විය යුතු බව ද ප්‍රකාශ කළේ ය. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1996 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා [Pope John Paul II, 18 May 1920 – 2 April 2005- Click Here] එම ආඥාව සංශෝධනය කර නව නීති මාලාවක් ඉදිරිපත් කරමින් නිකුත් කළ "යුනිවර්සි දොමිනිසි ග්‍රේජිස්"   [Universi Dominici Gregis - Click Here] නමැති ශුද්ධාසන ආඥා පත්‍රයෙන් වයස අවුරුදු 80 සීමාව නෙසලකා හැර, කාර්ඩිනල්වරුන් 137 දෙනෙකු "කොන්ක්ලේව්" ඡන්ද සභාවට නම් කළේ ය. එසේම 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්තුමා 2007 ජුනි 11 දින නිකුත් කළ "මෝටු ප්‍රොප්‍රියෝ[Motu Proprio- Click Here] නමැති ශුද්ධාසන ලේඛනයෙන් ද එය සංශෝධනය කර ඇත.

    මගේ පෞද්ගලික අත්දැකීම
    අති උත්තම තෝමස් බෙන්ජමින් කුරේ (හිටපු) පළමු ශ්‍රී ලාංකේය කාර්ඩිනල් හිමි
    ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට ද, මුළු මහත් ශ්‍රී ලංකාවට ද මහත් කීර්තියට හේතුවක් වූ අති උත්තම තෝමස් බෙන්ජමින් කුරේ හිටපු කාර්ඩිනල් හිමිපාණන්ව ද, අප අති උත්තම මැල්කම් රන්ජිත් කාර්ඩිනල් හිමිපාණන්ව මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කරමි. ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට පමණක් නොව එවකට අප රට ට ද මහත් සේවයක් කළ තෝමස් කාර්ඩිනල් තුමා මගේ ජීවිතයට ද එක් පසෙකින් සම්බන්ධ ය. මන්ද, පහසුවෙන් කෙනෙකුට නොලැබෙන මහඟු අවස්ථාවක් මට එතුමා නිසා උදා වූ නිසා ය. එනම් එතුමා විශ්‍රාමිකව සිටිය දී එතුමාව හමු වී ‍පැය 2 කටත් වඩා වැඩි කාලයක් සුහද කතා බහක නිරත වීමටත්, එතුමා සමග එකම මේසයේ ළඟින් සිටිමින් උදෑසන ආහාරය වැළඳීමටත් ලැබුණු භාග්‍යය යි. මා එම ශාන්ත උතුමන්ගේ ඇසුර අදටත් ගෞරව පූර්වකව හා ඉතා ප්‍රීතියෙන් සිහිපත් කරමි. එතුමන්ගේ ශුද්ධවරය පිණිස සුභාශිංසනය කරමි.
    අති උත්තම මැල්කම් රන්ජිත් වත්මන් කාර්ඩිනල් හිමි
    එසේම, අති උත්තම මැල්කම් රන්ජිත් වර්තමාන කාර්ඩිනල් තුමා ද මගේ පෞද්ගලික දිවියට සම්බන්ධ ය. මා දේවධර්මය ඉගෙන ගන්නා සමයේ දී පුරාණ ගිවිසුම හා ශුද්ධ වූ පාවුළු තුමාගේ සන්දේශ යන විෂයයන් භාරව සිටි මහාචාර්යවරයා වූයේ එතුමා ය. එතුමා අපට ධර්මය ඉගැන්වූවා නොව පෙව්වේ ය. දක්ෂ කථිකත්වය, වාග් විලාශය, භාෂා ප්‍රවීණතාවය හා සැමවිටම සිනහමුසු මුහුණින් යුතුව කටයුතු කිරීම නිසා එතුමා සිසුන් අතර ඉතා ජනප්‍රිය විය. චාම් පුද්ගලයෙකු වූ මැල්කම් කාර්ඩිනල් තුමා රෝමයට ගිය හැම වතාවක ම අපට කුමක් හෝ දෙයක් (බොහෝ විට සිහිවටනයක්) රැගෙන ඒමට අමතක නොකළේ ය. එතුමන්ගේ ශිෂ්‍යයෙකු වීමට ලැබුණු භාග්‍යය මට කිසිදා අමතක නොවන, ඉතා සතුටින් සැමදා සිහිපත් කරන්නකි. එතුමන්ගේ නව දිවියට දෙව් ආසිරි හා ශුද්ධාත්ම මග පෙන්වීම නිරතුරු පතමි.    



    වැඩිදුර සටහන් ෴  
    [1] ක්‍රිස්තු වර්ෂ 1545 දෙසැම්බර් 13 සිට 1563 දෙසැම්බර් 4 දක්වා ජර්මනියේ ට්‍රෙන්ට් නගරයේ දී පැවැත්වුනු 19 වන කතෝලික සභා ධර්ම සංඝායනාව (මන්ත්‍රණ සභාව) මාර්ටින් ලූතර් හා වෙනත් අය විසින් දියත් කරන ලද කිතුනු ආගමික විප්ලවය (රෙපරමාදු විප්ලවය) සම්බන්ධයෙන් විසඳුම් සෙවීම පිණිස පැවැත්වූවකි. 
    [2] මෙම දිවුරුම් ප්‍රකාශනය සාමාන්‍යයෙන් රදගුරුතුමෙකු වශයෙන් අභිෂේක කිරීමේ දී කරන ප්‍රකාශනයට බොහෝ දුරට සමාන වුවත්, එයට ශුද්ධෝත්තම පාප්තුමා නිකුත් කරන ශුද්ධාසන අඥා හා නියෝග වලට එකඟව ඒ අනුව ක්‍රියා කරන බවටත්, ශුද්ධ වූ කතෝලික සභාවට හා ධර්මයට හානියක් නොවන අයුරින් ක්‍රියා කරන බවටත්, ධර්මය හා සභාව ජීවිත පූජාවෙන් සුරකින බවටත්, පාප්තුමාට හා සභාවට පක්ෂපාතීව ක්‍රියා කරන බවටත් කාර්ඩිනල් ධූරයේ ගරුත්වය රැකෙන පරිදි ක්‍රියා කරන බවටත් දිවුරුම් දීමකි.
    [3] මෙම biretta හිස් වැසුම තුන් මුදුන් සහිත කවාකාර වූවකි. මෙය කාර්ඩිනල්වරුන්ට ප්‍රථමයෙන් දානය කර ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 1464 - 1471 අතර කාලයේ පාප්ධූරය දැරූ 2 වන පාවුළු පාප්තුමා ය. අතීතයේ දී මෙය සාමාන්‍ය පූජ්‍ය පක්ෂය සඳහා ද යොදා ගෙන ඇත. එනම්, සුදු පැහැති වර්ණය තේවාචාර්යවරුන් සඳහා ද, කළු වර්ණය පූජකවරුන් සඳහා ද, දම් වර්ණය රදගුරුවරුන් සඳහා ද, රතු වර්ණය කාර්ඩිනල්වරුන් සඳහා ද වශයෙනි. ක්‍රිස්තුස් වහන්සේ, ඔවුන් වහන්සේගේ පිවිතුරු ධර්මය හා කතෝලික සභාව වෙනුවෙන් සේවය කිරීමට යාමේ දී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමටත් අවශ්‍ය වුවහොත් රුධිරය හෙළා ප්‍රාණ පරිත්‍යාගීවීමට වුවත් සූදානමින් සිටිය යුතු බව මෙහි අර්ථය වේ. [THE DRESS, TITLES AND COAT-OF-AMS OF CARDINALS] රතු වර්ණය කතෝලික සභාවේ ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ රුධිරය සංඛේතවත් කරයි.
    [4] කුඩා මාණික්‍යයක් යොදා සකස් කර ඇති මෙම මුදුව පුරාණ කාලයේ සිට ම රජකුමාරවරුන් හා රජවරුන් දකුණත පැළඳි බවට සාක්ෂි ඇත. කාර්ඩිනල්වරයා ද කතෝලික සභාව තුළ කුමාරවරයෙකි. මෙම මුදුවෙන් සංඛේතවත් කරන්නේ ඔහු කිතුනු ඉගැන්වීම, පරිපාලනය හා ශුද්ධවන්ත කිරීම සම්බන්ධයෙන් සභාව තුළ ඔහු සතු බලය වේ. මෙම මුදුව කතෝලික සැදැහැවතුන් ඇතැම් අවස්ථා වල දී එක් දණහිසක් නමා සිපාචාර කිරීමෙන් ඊට අවනත හා පක්ෂපාතී වන බව ගෞරවපූර්වකව ප්‍රකාශ කරති. 
    [5] "කොන්ක්ලේව්" [Conclave] යන්න "යතුර හිමි" යන අර්ථය ‍දෙන ලතින් භාෂාවේ "කුම් ක්ලේව්"  [Cum Clave] යන වචනයෙන් බිඳී එන්නකි. කාර්ඩිනල්වරුන්ගේ මෙම "කොන්ක්ලේව්" සංසදය මගින් පාප්වරයෙකුව තේරීම ලෝක ප්‍රසිද්ධ වතිකානයේ සිස්ටයින් දෙව්මැදුරේ දී ඉතා රහස්‍යමය හා නිදහස් ස්වාධීන ඡන්දයක් ලෙසින් පැවැත්වෙන්නකි.
    කාර්ඩිනල් ඩූක් ද රිචෙලි
    [6] කාර්ඩිනල් ඩූක් ද රිචෙලි Armand Jean du Plessis de Richelieu, Cardinal-Duc de Richelieu ක්‍රිස්තු වර්ෂ 1624 අගෝස්තු 12 සිට 1642 දෙසැම්බර් December 4 දක්වා ප්‍රංශයේ 13 වන ලුවී රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උපදේශක සභාවේ සිටි අයෙකි.

    අගරදගුරු "පැල්ලියම
    [7] "පැල්ලියම" වනාහී, සුදු පැහැති කවාකාර බෑන්ඩ් පටියකි. මෙය ගෙළ වටා පපුව හා උරහිස ප්‍රදේශය හරහා දිග හැරෙන සේ පළඳින්නකි. මෙහි ඉදිරිපස හා පිටුපස කුඩා කුරුස පෙන්ඩන්ට් දෙකක් එල්ලා ඇත. මෙම පටිය සාමාන්‍යයෙන් අඟල් 2 ක් පමණ පළල අඟල් 12 ක් පමණ දිගින් යුතුය. අගරදගුරුවරය ලබන අයට මෙය පාප්තුමා විසින් ප්‍රදානය කරනු ලබයි. සාන්ත ඇග්නස් තුමියගේ ‍බැසිළිකා දෙව්මැදුරේදී පූජා කරන, පාප්තුමා විසින් ආසිරි ගන්වනු ලබන බැටළු පෝතකයන් දෙදෙනෙකුගේ ලොම් වලින් මෙය සාදන ලබයි.  
    බැටළු ලොමින් නිම කළ "පැල්ලියම"
    The blessing of the lambs whose wool will be used for the making of palliums to be distributed later in the year to archbishops as a sign of unity with the Holy See was held on the feast of St. Agnes on 1/21/2010. The Vatican YouTube page has a short video of the ceremony. We can't embed this video at the Vatican request, but you can click the above link to view it.  

    [8]රෝමානු ක්‍යුරියාව යනු ශුද්ධෝත්තම පාප්තුමාගේ ශාසනික උපදේශක සභාව හා පාප්තුමා සමග සමස්ත කතෝලික සභාව පරිපාලනය කරන මධ්‍යම පාලනාධිකාරීය යි. කතෝලික සභාවේ සියලු දූත කාර්යයන් පවත්වා ගෙන යාම, ඒවාට උපදෙස් සැපයීම හා කතෝලික සභාවේ ආගමික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කිරීම මෙම සංසදයේ කාර්යභාරය වේ. ක්‍යුරියා යන්න ලතින් භාෂාවෙන් බිඳී එන "උපදේශක සභාව" [Noble court] යන අර්ථය දෙන්නකි. එය වනාහී කිසියම් රටක පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය හා සමාන වූවකි.
    රෝමානු ක්‍යුරියාවේ කාර්ඩිනල්වරුන් 16 වන බෙනඩික්ට් පාප්තුමා සමග
    {"In exercising supreme, full, and immediate power in the universal Church, the Roman pontiff pontiff makes use of the departments of the Roman Curia which, therefore, perform their duties in his name and with his authority for the good of the churches and in the service of the sacred pastors"
    Decree concerning the Pastoral Office of Bishops in the Church, Christus Dominus -}

    [9] Bullarium Roma V, 604sqq.
    [10] "ටිතුලුස්" යනු ඉපැරණි රෝමානු කතෝලික සභා පද්ධතියකි. ඒවා පැරණී රෝම නගරය ආසන්නයේ පිහිටා තිබී ඇත. ඊට ඇතුළත් කිතුනු සභා වල නම් පහතින් දැක්වේ.
    1. Titulus Aemilianae (Santi Quattro Coronati)
    2. Titulus Anastasiae (Santa Anastasia)
    3. Titulus SS Apostolorum (Santi Apostoli)
    4. Titulus Byzantis or Vizantis (unknown, perhaps "Titulus Pammachii")
    5. Titulus S Caeciliae (Santa Cecilia in Trastevere)
    6. Titulus Clementis (San Clemente)
    7. Titulus Crescentianae (San Sisto Vecchio)
    8. Titulus Crysogoni (San Crisogono)
    9. Titulus Cyriaci (Uncertain; theories include Santa Maria Antiqua and Santa Maria in Domnica)
    10. Titulus Damasi (San Lorenzo in Damaso)
    11. Titulus Equitii (San Martino ai Monti)
    12. Titulus Eusebi (Sant'Eusebio)
    13. Titulus Fasciolae (Santi Nereo e Achilleo)
    14. Titulus Gaii (Santa Susanna)
    15. Titulus Iulii (Santa Maria in Trastevere, identical with Titulus Callixti)
    16. Titulus Lucinae (San Lorenzo in Lucina)
    17. Titulus Marcelli (San Marcello al Corso)
    18. Titulus Marci (San Marco)
    19. Titulus Matthaei (in Via Merulana, destroyed in 1810)
    20. Titulus Nicomedis (in Via Nomentana, destroyed)
    21. Titulus Pammachii (Santi Giovanni e Paolo (Rome))
    22. Titulus Praxedis (Santa Prassede)
    23. Titulus Priscae (Santa Prisca)
    24. Titulus Pudentis (Santa Pudenziana)
    25. Titulus Romani (unknown, perhaps either Santa Maria Antiqua or Santa Maria in Domnica, whichever the "Titulus Cyriaci" wasn't)
    26. Titulus S Sabinae (Santa Sabina)
    27. Titulus Tigridae (uncertain, perhaps Santa Balbina)
    28. Titulus Vestinae (San Vitale)

    වැඩිදුර අධ්‍යයනයට කැමති පාඨකයන්ට "ටිතුලුස්" නිළ නාමය හිමි වී ඇති පූජාප්‍රසාදී කාර්ඩිනල්වරුන් හා තේවාචාර්ය කාර්ඩිනලවරුන්ගේ නාම ලේඛනයක් ද පහතින් දක්වා ඇත.
     Cardinal priests
    Name of titular church Name of cardinal priest
    Sant'Agnese fuori le mura Camillo Ruini
    Sant'Agostino Jean-Pierre Ricard
    Santi Ambrogio e Carlo Dionigi Tettamanzi
    Santa Anastasia Godfried Danneels
    Sant'Andrea al Quirinale Odilo Pedro Scherer
    Sant'Andrea della Valle Giovanni Canestri
    Sant'Andrea delle Fratte Ennio Antonelli
    Santi Andrea e Gregorio al Monte Celio Edmund Szoka
    Sant'Antonio da Padova in Via Merulana Cláudio Hummes
    Sant'Antonio da Padova in Via Tuscolana Paulo Evaristo Arns
    Sant'Antonio in Campo Marzio José da Cruz Policarpo
    Santi Aquila e Priscilla Jaime Lucas Ortega y Alamino
    Sant'Atanasio vacant
    Sant'Atanasio a Via Tiburtina Gabriel Zubeir Wako
    Santa Balbina Péter Erdő
    San Bartolomeo all'Isola Francis George
    San Bernardo alle Terme Varkey Vithayathil
    Santi Bonifacio e Alessio Eusébio Scheid
    San Callisto vacant
    San Camillo de Lellis Juan Luis Cipriani Thorne
    Santa Cecilia in Trastevere Carlo Maria Martini
    Santa Chiara a Vigna Clara Vinko Puljić
    San Clemente Adrianus Johannes Simonis
    San Corbiniano Reinhard Marx
    San Crisogono Paul Shan Kuo-hsi
    Santa Croce in Gerusalemme Miloslav Vlk
    Santa Croce in Via Flaminia William Wakefield Baum
    Sacro Cuore di Gesù agonizzante a Vitinia Telesphore Toppo
    Sacro Cuore di Maria Julius Riyadi Darmaatmadja
    Santa Emerenziana a Tor Fiorenza vacant
    Sant'Eusebio Daniel DiNardo
    Santi Fabiano e Venanzio a Villa Fiorelli Ján Chryzostom Korec
    San Felice da Cantalice a Centocelle vacant
    San Francesco d'Assisi a Ripa Grande Norberto Rivera Carrera
    San Francesco d'Assisi ad Acilia Wilfrid Napier
    San Frumenzio ai Prati Fiscali Alexandre José Maria dos Santos
    San Gabriele Arcangelo all'Acqua Traversa vacant
    San Gerardo Maiella Kazimierz Świątek
    Gesù Divin Lavoratore Christoph Schönborn
    Gesù Divin Maestro alla Pineta Sacchetti Thomas Stafford Williams
    San Gioacchino ai Prati di Castello Michele Giordano
    Santi Gioacchino ed Anna al Tuscolano Patrick O'Brien
    San Giovanni a Porta Latina Franciszek Macharski
    San Giovanni dei Fiorentini Carlo Caffarra
    San Giovanni Battista de Rossi Julio Terrazas Sandoval
    San Giovanni Crisostomo a Monte Sacro Alto Bernard Agré
    Santi Giovanni e Paolo (Rome) Edward Egan
    San Giovanni Evangelista a Spinaceto Miguel Obando y Bravo
    Santi Giovanni Evangelista e Petronio Giacomo Biffi
    San Girolamo dei Croati Josip Bozanic
    San Giuseppe all'Aurelio Georg Sterzinsky
    San Giustino Jean-Baptiste Phạm Minh Mẫn
    Gran Madre di Dio Angelo Bagnasco
    San Gregorio Barbarigo alle Tre Fontane Bernard Panafieu
    San Gregorio Magno alla Magliana Nuova Geraldo Majella Agnelo
    San Gregorio VII Eugênio de Araújo Sales
    San Leone I Karl Lehmann
    San Liborio Peter Turkson
    San Lorenzo in Damaso Antonio Rouco Varela
    San Lorenzo in Lucina vacant
    San Lorenzo in Panisperna Michael Michai Kitbunchu
    San Luca a Via Prenestina José Freire Falcão
    Santa Lucia a Piazza d'Armi Théodore-Adrien Sarr
    San Luigi dei Francesi André Armand Vingt-Trois
    San Luigi Maria Grignion de Montfort Serafim Fernandes de Araújo
    Santi Marcellino e Pietro Aloysius Ambrozic
    San Marcello Agustín García-Gasco y Vicente
    San Marco Marco Cé
    San Marco in Agro Laurentino Alexandre do Nascimento
    Santa Maria Addolorata a piazza Buenos Aires Estanislao Esteban Karlic
    Santa Maria ai Monti Jorge Urosa
    Santa Maria Consolatrice al Tiburtino Ricardo María Carles Gordó
    S. Maria degli Angeli William Keeler
    Santa Maria della Pace Francisco Javier Errázuriz Ossa
    Santa Maria della Presentazione Francisco Robles Ortega
    Santa Maria della Salute a Primavalle Jean Marcel Honoré
    Santa Maria della Speranza Óscar Andrés Rodríguez Maradiaga
    Santa Maria della Vittoria Sean O'Malley
    Santa Maria delle Grazie a Via Trionfale Silvano Piovanelli
    Santa Maria del Monte Carmelo a Mostacciano Anthony Olubunmi Okogie
    Santa Maria del Popolo Stanisław Dziwisz
    Santa Maria Domenica Mazzarello George Pell
    Immacolata al Tiburtino vacant
    Immacolata Concezione di Maria a Grottarossa Henryk Gulbinowicz
    Santa Maria Immacolata di Lourdes a Boccea Nicolas Cheong Jin-suk
    Santa Maria in Aracoeli Salvatore De Giorgi
    Santa Maria in Monserrato degli Spagnoli Carlos Vallejo
    Santa Maria in Traspontina Marc Ouellet
    Santa Maria in Trastevere Jozef Glemp
    Santa Maria in Vallicella Edward Clancy
    Santa Maria in Via vacant
    Santa Maria Madre della Providenza a Monte Verde Luis Aponte Martínez
    Santa Maria Madre del Redentore a Tor Bella Monaca Joseph Zen
    Santa Maria Nuova Angelo Sodano
    Regina Apostolorum Virgilio Noè
    Santa Maria Regina Mundi a Torre Spaccata Simon Pimenta
    Santa Maria Regina Pacis a Monte Verde Francisco Alvarez Martínez
    Santa Maria Regina Pacis in Ostia mare vacant
    Santa Maria sopra Minerva Cormac Murphy-O'Connor
    Santi Martiri dell'Uganda a Poggio Ameno Christian Wiyghan Tumi
    Natività di Nostro Signore Gesù Cristo a Via Gallia Audrys Backis
    Santi Nereo e Achilleo Theodore McCarrick
    Santissimo Nome di Maria in Via Latina Gaudencio Rosales
    Nostra Signora de La Salette Polycarp Pengo
    Nostra Signora del SS. Sacramento e Santi Martiri Canadesi Jean-Claude Turcotte
    Nostra Signora di Guadalupe a Monte Mario vacant
    Nostra Signora di Guadalupe e S. Filippo Martire Juan Sandoval Íñiguez
    San Onofrio Carlo Furno
    San Pancrazio Antonio Cañizares Llovera
    San Paolo della Croce a Corviale Oswald Gracias
    San Patrizio vacant
    Ss. Pietro e Paolo a Via Ostiense Ricardo Vidal
    San Pietro in Montorio James Stafford
    San Pietro in Vincoli Donald Wuerl
    San Pio X alla Balduina Nicolás de Jesús López Rodríguez
    Santa Prassede Paul Poupard
    Preziosissimo Sangue di Nostro Signore Gesù Cristo John Njue
    Santa Prisca Justin Rigali
    Santi Protomartiri a Via Aurelia Antica Henri Schwery
    Santa Pudenziana Joachim Meisner
    Santi Quattro Coronati Roger Mahony
    Santi Quirico e Giulitta Seán Brady
    Santissimo Redentore e Sant'Alfonso in Via Merulana Anthony Bevilacqua
    Santissimo Redentore a Valmelaina Ersilio Tonini
    San Roberto Bellarmino Jorge Bergoglio
    Santa Sabina Jozef Tomko
    San Saturnino Rodolfo Quezada Toruño
    San Sebastiano alle Catacombe Lluís Martínez Sistach
    San Martino ai Monti vacant
    San Silvestro in Capite Desmond Connell
    Santa Silvia Jānis Pujāts
    San Sisto Vecchio Marian Jaworski
    Santa Sofia a Via Boccea Lubomyr Husar
    Spirito Santo alla Ferratella Ivan Dias
    Santo Stefano Rotondo Friedrich Wetter
    Santa Susanna Bernard Law
    Santa Teresa al Corso d'Italia László Paskai
    Trasfigurazione di Nostro Signore Gesù Cristo Pedro Rubiano Sáenz
    Santissima Trinità al Monte Pincio Philippe Barbarin
    San Ugo Emmanuel Wamala
    San Vitale Adam Maida
    Santi XII Apostoli Angelo Scola

    Cardinal deacons

    Name of titular church Name of cardinal deacon
    Sant'Agata dei Goti Raymond Leo Burke
    Sant'Agnese in Agone Lorenzo Antonetti
    Santi Angeli Custodi a Città Giardino Agostino Cacciavillan
    Sant'Angelo in Pescheria vacant
    Santissima Annunciazione della Beata Vergine Maria a Via Ardeatina vacant
    Sant'Anselmo all'Aventino vacant
    Sant'Apollinare alle Terme Neroniane-Alessandrine Jean-Louis Tauran
    San Benedetto fuori Porta San Paolo (pro hac vice Title) Achille Silvestrini
    Santi Biagio e Carlo ai Catinari Leonardo Sandri
    San Cesareo in Palatio (pro hac vice Title) Andrzej Maria Deskur
    Santi Cosma e Damiano Giovanni Cheli
    Sacro Cuore di Cristo Re Stanisław Ryłko
    Sacro Cuore di Gesù a Castro Pretorio (pro hac vice Title) Giovanni Saldarini
    Dio Padre misericordioso (pro hac vice Title) Crescenzio Sepe
    Santi Domenico e Sisto Georges Cottier
    Santa Elena fuori Porta Prenestina vacant
    Sant'Eugenio Julián Herranz Casado
    Sant'Eustachio Sergio Sebastiani
    San Filippo Neri in Eurosia Attilio Nicora
    San Francesco Saverio alla Garbatella Franc Rode
    San Francesco di Paola ai Monti Renato Martino
    Gesù Buon Pastore alla Montagnola vacant
    San Giorgio al Velabro vacant
    San Giovanni Battista Decollato vacant
    San Giovanni Bosco in Via Tuscolana vacant
    San Giovanni della Pigna Raffaele Farina, S.D.B.
    San Girolamo della Carità Jorge María Mejía
    San Giuliano dei Fiamminghi vacant
    San Giuseppe in Via Trionfale (pro hac vice Title) Severino Poletto
    Sant'Ignazio di Loyola a Campo Marzio Roberto Tucci
    San Lino Giovanni Coppa
    San Lorenzo in Piscibus Paul Josef Cordes
    Santa Lucia del Gonfalone Francesco Marchisano
    Santa Maria Ausiliatrice in Via Tuscolana vacant
    Santa Maria della Mercede e Sant'Adriano a Villa Albani Albert Vanhoye
    Santa Maria della Scala Stanisław Nagy
    Santa Maria delle Grazie alle Fornaci fuori Porta Cavalleggeri (pro hac vice Title) Duraisamy Simon Lourdusamy
    Santa Maria in Aquiro vacant
    Santa Maria in Cosmedin vacant
    Santa Maria in Domnica William Levada
    Santa Maria in Portico Andrea Cordero Lanza di Montezemolo
    Santa Maria in Via Lata (pro hac vice Title) Edward Idris Cassidy
    Santa Maria Liberatrice a Monte Testaccio Giovanni Lajolo
    Santa Maria Odigitria dei Siciliani vacant
    San Michele Arcangelo Javier Lozano Barragán
    San Nicola in Carcere Zenon Grocholewski
    Santissimo Nome di Gesù (pro hac vice Title) Eduardo Martínez Somalo
    Santissimo Nomi di Gesù e Maria in Via Lata vacant
    Santissimo Nome di Maria Darío Castrillón Hoyos
    Nostra Signora del Sacro Cuore José Saraiva Martins
    Nostra Signora di Coromoto in S. Giovanni di Dio vacant
    Ognissanti in Via Appia Nuova Walter Kasper
    San Paolo alla Regola vacant
    San Pier Damiani ai Monti di S. Paolo (pro hac vice Title) Agostino Vallini
    S. Pio V a Villa Carpegna (pro hac vice Title) Jose Tomas Sanchez
    San Ponziano vacant
    San Saba Jorge Medina Estévez
    San Salvatore in Lauro Angelo Comastri
    San Sebastiano al Palatino John Patrick Foley
    Santo Spirito in Sassia (pro hac vice Title) Fiorenzo Angelini
    San Teodoro vacant
    Santi Urbano e Lorenzo a Prima Porta (pro hac vice Title) Gilberto Agustoni
    Santi Vito, Modesto e Crescenzio vacant


    Share this article :

    15 comments:

    1. කාදිනල් ධූරය පිළිබඳව හොඳ අවාරණයක් කරලා තියෙනවා! ස්තූතියි!

      ReplyDelete
    2. ශිරෝෂන් මහත්මාට....
      ඔබතුමාගේ අවංක ඇගයීමට හා අදහස් වලට බෙහෙවින් ස්තුතියි!
      ඔබට ජය!
      ජේසු පිහිටයි!
      ෴ ධර්මෝපදේශකයා ෴

      ReplyDelete
    3. මැල්කම් රංජිත්ටත් ශුද්ධවන්ත චරිතයක් තියෙනවද??

      ReplyDelete
    4. හොඳ post එකක් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා...

      *මට ඇහුනා අපේ කාර්දිනල් තුමාට මැල්කම් රංජිත් කාර්දිනල් තුමා කියලත් මැල්කම් කාර්දිනල් රංජිත් තුමා කියලත් කියනවා නිවැරදි ක්‍රමේ මොකක්ද?

      *පාප්තුමා තේරීමේදී මනාප පල කිරීමට ඉහත 3න් කාර්දිනල් වර්ගයේම වරුන්ට පුලුවන්ද?

      *කාර්දිනල් ධූරයට පත් කල පසුත් මුලින් තිබූ තනතුරම තිබෙනවාද? (උදා: අගරදගුරු )

      ස්තූතියි!

      ReplyDelete
    5. බොහෝම වැදගත් ලිපියක්

      ReplyDelete
    6. අප නොදන්නා විෂයක් එනම් කාදිනල් තනතුර ගැන දැනුවත් කිරීම ගැන ස්තුති කළ යුතුය.
      එහෙත් මා දන්නා පරිදි ක්‍රිස්තුස් වහන්සේ සිය ගෝලයන්/ශ්‍රාවකයන් කිසිවෙක් අඩුම තරමින් පූජකයන් ලෙස පත් කළ බවක් ශුභාරංචි හෙවත් ගොස්පල් වල සඳහන් වන්නේ නැත. මේවා පසු කාලීනව විවිධ පුද්ගලයන් හා මංත්‍රන සභා විසින් සාදාගත් දේවල්ය.
      ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ගෙන් වැඩි දෙනෙකු විවාහකයන්ය.

      ReplyDelete
    7. අඛිල මහත්මාට....
      මගේ බ්ලොග් අඩවියට පැමිණීම ගැන ඔබතුමාට නොවක් ස්තුතියි.
      මැල්කම් රන්ජිත් කාර්ඩිනල් තුමාගේ නාම සාන්තුවරයා නම්, සාන්ත (මහා) ඇල්බර්ට් නමැති ඩොමිනිකාන තපස්වරයා ය. ක්‍රි.ව. 1206 - 1280 අතර ජර්මනියේ ජීවත් වූ මෙතුමා දේවධර්ම විශාරදයෙකු, දේශනාවාදියෙකු හා දර්ශනවාදියෙකු ලෙසින් ප්‍රසිද්ධය. යුරෝපයට ශ්‍රීක හා අරාබි විද්‍යාව හා දර්ශනය හඳුන්වා දුන්නේ ය. ස්වභාවික විද්‍යාවන්, ‍ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව කෙරෙහි තද ඇල්මකින් ක්‍රියා කළ මෙතුමා පසුකාලයේ රදගුරුවරයෙකු විය. සාන්ත තෝමස් ඇක්වයිනාස් තුමාගේ ගුරුවරයා ද වූයේ මෙතුමා ය. කතෝලික සභාවේ ශ්‍රේෂ්ට සභා පියවරයෙකු ලෙසින් සලකයි. ක්‍රි.ව. 1931 දී 11 වන පියුස් පාප්තුමා විසින් මෙතුමාව සාන්තුවරභාවයට ඔසවනු ලැබීය.
      ස්තුතියි!
      ජේසු පිහිටයි!
      ෴ ධර්මෝපදේශකයා ෴

      ReplyDelete
    8. හරී මහත්මාට...
      මගේ බ්ලොග් අඩවියට පැමිණ එය අගය කිරීම හා අවංක අදහස් පළ කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
      සාමාන්‍යයෙන් කාර්ඩිනල්වරයෙකුගේ නිළ නාමය විවිධ අයුරින් යොදන අවස්ථා තිබෙනවා.කාර්ඩිනල්වරයෙකුගේ නාමය ප්‍රකාශ කිරීමේ දී ඔහුගේ නම් අතරට "කාර්ඩිනල්" යන නිළ නාමය යෙදීම පැරණි ලතින් රෝමානු සමාජය තුළින් පැමිණි සම්ප්‍රදායකි. නිදසුනක් ලෙස,"අති උත්තම මැල්කම් කාර්ඩිනල් රන්ජිත් හිමිපාණන්" යන්න දැක්විය හැකිය. එහෙත් ඉංග්‍රීසි සමාජය තුළ එය,His Eminence Cardinal Malcolm Ranjith යනුවෙන් යෙදේ. සිංහලයේ දී "අති උත්තම මැල්කම් රන්ජිත් කාර්ඩිනල් හිමිපාණන්" යනුවෙන් භාවිත වේ.
      සාමාන්‍යයෙන් මගේ ලිපියේ සඳහන් කාර්ඩිනල්වරුන් වර්ග තුනට ම "කොන්ක්ලේව්" සභාවට (පාප්වරයාව තෝරන සභාවට) ඇතුළත්වීමට වරම් ඇත. එහෙත් වයස අවුරුද 80 නොඉක්ම විය යුතුය.
      කාර්ඩිනල් ධූරය හිමිවූ පමණින් තමන් දරමින් සිටි තනතුර අහිමි නොවේ. එනිසා අපේ නවක කාර්ඩිනල්තුමා විශ්‍රාම යනතුරු කොළඹ අගරදගුරුතුමා ලෙස සේවය කරනු ඇත. එහෙත් යම් හෙයකින් පාප්තුමා කාර්ඩිනල්වරයෙකුව වෙනත් දූත මෙහෙවරකට පත් කළහොත් එය බාර ගැනීමට ද සිදුවේ.
      ස්තුතියි!
      ජේසු පිහිටයි!
      ෴ ධර්මෝපදේශකයා ෴

      ReplyDelete
    9. "සූර සරදියෙල්" නමින් පෙනී සිටින මහත්මාට...
      මගේ බ්ලොග් අඩවියට පැමිණ එය කියවා දැක්වූ ඔබතුමාගේ අවංක පැසසුමට හා ඇගයීමට නොවක් ස්තුතියි.
      ‍ඔබට ජය.
      ජේසු පිහිටයි!
      ෴ ධර්මෝපදේශකයා ෴

      ReplyDelete
    10. ගුරුවරයෙක් කියන්නෙ සෑම අතින්ම දැනුම බෙදා දෙන කෙනෙක්ට නේ. මේ වැඩෙත් නියමයි. හොද ලිපියක් කියෙව්වා.

      ReplyDelete
    11. මධුරංග මහත්මාට...
      මගේ බ්ලොග් ලිපිය කියවා පළ කළ ඔබතුමාගේ අවංක අදහස් වලට බොහෝම ස්තුතියි! ඔබ මා අගය කොට දැක්වූ පැසසුමට කෘත්‍යඥ වෙමි.
      ඔබට ජය!
      ජේසු පිහිටයි!
      ෴ ධර්මෝපදේශකයා ෴

      ReplyDelete
    12. බොහොම ස්තූත්යි ..

      ReplyDelete
    13. Dear Ruberu sir,
      This was a really good article, we got to know many things, your article is so precious and the choosen pictures adds more color to the article, thank you praise be to God!!!
      I invite you to write an article on Christmas dear sir!!! tc

      ReplyDelete
    14. To My Dear Mr. Udesh....
      Thank you for visit my Blog and your nice comment. I try my best to write a blog post about the Feast of Christmas. I wish you good health, happiness, internal Peace & many Blessings of GOD OUR FATHER.
      May God Bless You,
      Clement...
      ***[Dharmopadeshakaya]***

      ReplyDelete
    15. 2010 දෙසැම්බර් 03 වෙනිදා 12.27ට Anonymous යන නමින් ලියූ මහත්මාට....
      මාගේ ලිපිය කියවා දැක්වූ අවංක අදහස් වලට ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි!
      ඔබ තුමා දක්වා ඇති ප්‍රකාශනයට අවශ්‍ය දත්ත සැපයීමට ඇත්තෙන්ම තවත් බ්ලොග් ලිපියක් ලිවීමට වෙනවා. එහෙත් මා ඊට කරුණු කිහිපයක් පහතින් කෙටියෙන් දක්වන්නම්.
      ලූක් 6 : 12-16 ට අනුව ජේසු තුමා ගෝලයන් 12 ක් තෝරා ගෙන, ලූක් 9 : 1-2 ට අනුව ඔවුනට අශුද්ධාත්ම කෙරෙහි බලය හා ආධිපත්‍යය, දේව රාජ්‍යය ප්‍රකාශ කිරීමේ බලය හා රෝග සුව කිරීමේ වරය ලබා දී දහම් සේවයට පිටත් කර හැර ධර්මදූත කාර්යයට පුහුණු කළ බව දැක්වේ.
      1 කොරින්ති 11 : 23-26 කොටසේ සඳහන් නව ගිවිසුමේ ඉපැරණිම අන්තිම රාත්‍රී භෝජන වාර්තාවට හා ලූක් 22 : 14-20 වාර්තා කොටසට අනුව, ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන ක්‍රියාව නොකඩවා සිදු කිරීමට තම ගෝලයන්ට බලය පවරා දී ඇත. එසේම මතෙව් 28 : 19-20 අනුව, ජේසු තුමා තම ශ්‍රාවකයන්ව සකල ජාතීන් ගෝලයන් කරමින් සුපුවත‍ ලොව පුරා දේශනා කරමින් ජනවන්දනා පිළිවෙත දානය කිරීමට අණ කර බලය පවරා දී ඇත. ඒ සඳහා අවශ්‍ය ශුද්ධාත්ම බලය ගෝලයන්ට දුන් බව ජොහාන් 20 : 22-23 හි දැක්වේ.
      ක්‍රියා 6 : 3-6 හි අපෝස්තුළුවරුන් තම ධර්මදූත සේවයේ සහයට තේවාචාර්යවරුන් 7 දෙනෙකුව පත් කර ගත් බව දැක්වේ. පූජකවරයේ පළමු අවස්ථාව එය ලෙස පිළිගැනේ. ක්‍රියා 14 : 14 අනුව බාර්ණබස්ව හා පාවුළු තුමාව ද අත් තබා යාච්ඤා කර ආලේප කොට කැප කළ අපෝස්තුළුවරුන් ලෙස පිළිගෙන ඇත. ක්‍රියා 11 : 30, 15 : 2, 22-26,32 හි මුල් කිතුනු සභාව තුළ කිතුනු සභා මූලිකයන් හා දිවැසිවරුන් සිට ඇත.
      ජේසු තුමාගේ ගෝලයන්ගෙන් ජොහාන් හැර අන් සියල්ලෝ විවාහකයන් බව සැබෑ ය. එසේ නම් පූජක දිවියට (දහම් සේවයට) විවාහය අකැප වූයේ මන්ද? තැන තැන දහම් සේවයට යන ධර්මදූතයාට තම දරු පවුල කැටුව යාම අපහසු කාර්යයක් වූ නිසාත්, දහම් සේවය හා දරු පවුල් නඩත්තු කිරීම යන ද්විත්ව කාර්යය එකවර කිරීම දුෂ්කර වූවක් නිසාත්, දහම් කාර්යයට ඉමහත් බාධාවක් හා ඔහු සාතන්ගේ බොහෝ පරීක්ෂාවන්ට වැටිය හැකි නිසාත් ය. මේ කරුණ පාවුළු තුමා හොඳින් අවබෝධ කරගෙන සිටියේ ය. එනිසා ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපත් බව එතුමා 1 කොරින්ති 7 : 1 හි දක්වා ඇත.
      1 කොරින්ති 7 : 32 ට අනුව, "අවිවාහක තැනැත්තේ ස්වාමින් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැ යි සිතමින් උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැල්කිල්ලක් දක්වන්නේ ය."
      එසේම ක්‍රිස්තු අනුගාමික ධර්මදූතයා සැම විට ම සුවිශේෂක අනුශාසනා හෙවත් ක්‍රිස්තුස් වහන්සේ තුළ දක්නට ලැබුණ ශ්‍රේෂ්ට වටිනාකම් වන දිළිඳුකම, අවනතභාවය හා බ්‍රහ්මචර්යාව අනුගමනය කළ යුතු බව පාවුළු තුමා ඇතුළු බොහෝ මුල් කාලීන සභා ශ්‍රේෂ්ටයන්ගේ පිළිගැනීම හා ඉගැන්වීම විය. කල්යත්ම, ජේසුස් වහන්සේ තෝරා පත් කළ ශ්‍රාවකයන්ගෙන් අනුක්‍රමයෙන් බලය හා පූජක වරම ලබා පත් වූ මුල්කාලීන සභා මූලිකයෝ ඒ බව පසක් කර ගෙන විවාහයෙන් වැළකී සිටියහ. පූජක ජීවිතයට අවශ්‍ය නීති රීති හා එම සේවය විවිධ අන්දමින් වර්ගීකරණය කිරීම මන්ත්‍රණ සභා වලින් කිරීමට පෙර, ඒවා පිළිගත් සම්මත සභා සම්ප්‍රදායන් ලෙසින් භාවිතයේ තිබුණි.
      ස්තුතියි!
      ඔබට ජය,
      ජේසු පිහිටයි!
      ධර්මෝපදේශකයා ෴

      ReplyDelete

    DAILY DEVOTION BOX

     
    Support : Creating Website | Johny Template | Mas Template
    Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
    Template Created by Creating Website Published by Mas Template
    Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith