ක්‍රිස්තු වර්ෂ 30 අප්‍රේල් මස 07 සිකුරාදා දින ජේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත්වී ඇතැයි ඉතිහාසඥයන් හා බයිබල් විශාරදයන් ඓතිහාසික තොරතුරු හා පුරා විද්‍යාත්මක සාධක විමර්ශනය කිරීමෙන් අනතුරුව සොයා ගෙන ඇත. ඒ අනුව එකල සිටම කිතුනු බැතිමතුන් ජේසුස් වහන්සේගේ මරණය වාර්ෂිකව පිළිවෙතක් ලෙසින් සැමරීම කළහ. එබැවින් ජේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය මහ සිකුරාදා යනුවෙන් නම් කෙරුණි. මුල් යුගයේ සිට ම එදින මනස්ස්ථාපනයේ, ශෝකයේ හා දැඩි නිරාහාරශීලයේ දිනයක් ලෙසින් සැලකුණි. එම නිරාහාරය පැය 40 ක් පමණ එනම්, මහ සිකුරාදා සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පුජාවේ අවසානය දක්වා නොකඩවා පැවැත්වුණි. එකල කුඩා දරුවන්, ගැබිණියන්, කිරි දෙන මව්වරුන් හා රෝගීන් හැර අනෙකුත් සියලු දෙනා කිසිඳු කෑමකින් හෝ බීමකින් (අවම වශයෙන් ජලය පානය කිරීමෙන් පවා) තොරව ගත කළහ. කුඩා දරුවන්ට, රෝගීන්ට හා ගැබිණි මව්වරුන්ට පමණක් පාන් කැබැල්ලක් අනුභවකර ජලය පානය කිරීමට අවසර තිබුණි. සාන්ත අයිරේනියස් තුමා ද තම ලිපි වල මේ ගැන සඳහන් කර ඇත. මෙම නිරාහාරශීලයේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දුන් පළමුවන ඉනසන්ට් පාප්තුමා එය සභා අනුමත කර ඇත. පසුකලක මෙම ශෝකී කාලය හා නිරාහාරශීලය දින 3 ක් බවට හැරුණි. තවත් කලක සතියක කාලයක් බවට පත්ව තිබූ එය පසුව දින 40 දක්වා වර්ධනය විය. චතාරික කාලයේ දින 40 ට බලපෑවේ ද එයයි.(1)
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ ජාතික පැවිදි කාන්තාවක් වූ ඒජේරියා තම පැවිදි නිකායෙන් අවසර ගෙන ජෙරුසලමට ගොස් වසර 3 ක් ම දින පොතක් තබා ගෙන, සම්පූර්ණ කතෝලික වන්දනා පිළිවෙත් පිළිබඳව ඈ දුටු දේ ලියා තැබුවාය. ඇගේ දින පොතට අනුව,
මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය "Paschal Triduum" හෙවත් "පාස්කු තෙදින වන්දනා මෙහෙයය" නම්වේ. මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප "මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්" - (Missa Freesanctificatorum) නම්වේ. මෙහි අර්ථය නම්, "පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප" යන්නය.
මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය.
මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත "දේශනා නවයේ පසන් පොත" හා "දුක්ප්‍රාප්ති ප්‍රසංගය" යන පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත "තුන් පැය ධ්‍යානය" යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් "තුන් පැය ධ්‍යානය" වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.
දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 - 17/ 3 : 1 - 7 හි දැක්වෙන "හොඳ නරක අවබෝධ කිරීමේ ගස"(2) වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.
මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ.
(1) 2010.03.02 දිනැති "චතාරික කාලය බදාදා දිනක පටන් ගන්නේ ඇයි?" යන ලිපියෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර සාකච්ඡා කර ඇත.
(2) සමහරුන් මෙයට "තහනම් ගස" යැයි නම් කරති. "ජීවන වෘක්ෂය" (උත්පත්ති 2 : 9, 3 : 22 - 24) නමැති ගසෙන් ගෙඩි කෑ යුතු මිනිසා තමන්ට තහනම් වූ දෙයක රස බැලීමට ප්‍රිය වීම මහා අභිරහසකි. සාතන්ගේ ප්‍රයෝගයට හසුවූ බුද්ධිය ලද මිනිසා පාපය නිසා දේව සම්බන්ධතාවය නැති කරගෙන මරණය හා සදාකල විනාශය අත්පත් කරගත්තේය. ඉන් අසරණ වූ මිනිසාව ගළවා ගැනීමට දෙවිඳුන් දුන් පොරොන්දුව ඉටු කරමින් මෙලොවට පැමිණි දේව පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ "කුරුසිය" නමැති ලී කඳෙන් අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන් සේක.

"ජෙරුසලමේ නිරාහාරශීලය ඉතා දැඩිව පවත්වයි. කිතුනු බැතිමතුන් මහ සිකුරාදාවේ ගොල්ගොතා (කල්වාරි) කන්දට ගොස් කුරුසියට වන්දනා කරති. එදින සවස 3 ට පමණ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ඇතුළත් සුභාරංචිය කියවීමත්, ඉන්පසු කුරුසිය සිපාචාර කිරීමත් සිදුවේ."මහ සිකුරාදා පවත්වන කිතුනු ආගමික වත් පිළිවෙත් හා වන්දනා මෙහෙයයන් ඇරඹුණේ මේ ආකාරයෙන් බව ඇගේ මෙම සටහන දෙස බලන කල අපට පෙනීයයි.
"මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා කිතුනු බැතිමතුන් ගොල්ගොතාවේ සිට ජේසුස් වහන්සේ තැන්පත් කර තිබූ සොහොන් ගෙය දක්වා පෙරහැරකින් යති."සාමාන්‍යයෙන් ඇතැම් දේවස්ථාන වල එළිමහනේ මහ සිකුරාදා මෙහෙය පැවැත්වෙන විට කුරුසියේ ප්‍රතිමාව පෙරහැරකින් වධක බෙරය හඬවමින් දේවස්ථානය තුළට රැගෙන ඒමේ සිරිත හා පිළිවෙත ඇති වූයේ මේ ආකාරයෙන් බව අපට පෙනේ.
මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය "Paschal Triduum" හෙවත් "පාස්කු තෙදින වන්දනා මෙහෙයය" නම්වේ. මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප "මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්" - (Missa Freesanctificatorum) නම්වේ. මෙහි අර්ථය නම්, "පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප" යන්නය.
මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය.
- දේව වාක්‍යය මෙහෙයය : අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට පැවතෙන දේව වාක්‍ය කියවීමේ චාරිත්‍රයකි.
- ශ්‍රී කුරුසියේ වන්දනාව : පෙරහැරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වීම්ත්, එය සිපාචාර කිරීමත් කරයි. මෙය එවකට ජෙරුසලමේ කිතුනු බැතිමතුන් අතර පැවති චාරිත්‍රයකි.
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම: මෙම පිළිවෙත මුල්කාලයේ මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්ත්‍යාදරය හා එවකට සිටි සාන්තුවරයන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇති වූ පිළිවෙතකි.
මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත "දේශනා නවයේ පසන් පොත" හා "දුක්ප්‍රාප්ති ප්‍රසංගය" යන පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත "තුන් පැය ධ්‍යානය" යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් "තුන් පැය ධ්‍යානය" වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.
දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 - 17/ 3 : 1 - 7 හි දැක්වෙන "හොඳ නරක අවබෝධ කිරීමේ ගස"(2) වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.
මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ.
----------- ෴ වැඩිදුර සටහන් ෴ -----------
(1) 2010.03.02 දිනැති "චතාරික කාලය බදාදා දිනක පටන් ගන්නේ ඇයි?" යන ලිපියෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර සාකච්ඡා කර ඇත.
(2) සමහරුන් මෙයට "තහනම් ගස" යැයි නම් කරති. "ජීවන වෘක්ෂය" (උත්පත්ති 2 : 9, 3 : 22 - 24) නමැති ගසෙන් ගෙඩි කෑ යුතු මිනිසා තමන්ට තහනම් වූ දෙයක රස බැලීමට ප්‍රිය වීම මහා අභිරහසකි. සාතන්ගේ ප්‍රයෝගයට හසුවූ බුද්ධිය ලද මිනිසා පාපය නිසා දේව සම්බන්ධතාවය නැති කරගෙන මරණය හා සදාකල විනාශය අත්පත් කරගත්තේය. ඉන් අසරණ වූ මිනිසාව ගළවා ගැනීමට දෙවිඳුන් දුන් පොරොන්දුව ඉටු කරමින් මෙලොවට පැමිණි දේව පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ "කුරුසිය" නමැති ලී කඳෙන් අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන් සේක.
0 comments:
Post a Comment