ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත් වලට අනුව මුල් කාලයේ දී චතාරිකය උත්ථාන (පාස්කු) ඉරුදිනට පෙර සති 6 ක කාලයකින් සමන්විත බව පිළිගැණුනි. එම සති හයක කාලය දින වලින් බැලූ කල දින 42 ක් අයත් විය. එහෙත් චතාරිකයට අයත් දින සංඛ්‍යාව 40 ක් ලෙසින් ශුද්ධ වූ සභාව පෙර දී නියම කර තිබූ නිසා මෙහිදී සංඛ්‍යාමය ගැටලුවක් ඇති විය. එනම්, සති 6 සතියකට අයත් දින සංඛ්‍යාව වන 7 න් වැඩි කළ විට දින 42 ක කාලයක් වීමය (6 x 7 = 42). මෙම දින 42 දින 40 කර ගැනීම සඳහා ගණිතමය ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදු විය. එනම්, දින 42 න් (සති) 6 නමැති සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන දින 36 ට ශුද්ධ වූ සතියේ මහ සිකුරාදා දිනට පෙර තිබෙන වැදගත් දින 4 එකතු කිරීමෙන් දින 40 සකස් කර ගැනීමය (42 - 6 = 36 + 4 = 40). මේ ආකාරයට චතාරිකයට අයත් දින සංඛ්‍යාව වන 40 සකස් කර ගැනීම සිදු විය. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1962 - 65 අතර කාලයේ පැවැත්වුණු දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසුව චතාරිකයට අයත් දින සංඛ්‍යාව 40 වශයෙන් පිළිගැනීමට අවධානය යොමු නොවුණි. දින හතළිස යන්න සංඛේතාත්මකව තිබුණත්, එය බොහෝ විට දින 40 ට වඩා වැඩිය. චතාරිකය අළු බදාදා ඇරඹී මහ බ්‍රහස්පතින්දා සවස යාම යැදුම් වලින් අවසන් වේ.
චතාරිකය බදාදා දිනක ඇරඹෙන්නේ ඇයි?
Posted by Dharmopadeshakaya
Posted on Tuesday, March 02, 2010 |
with No comments
Related posts you might like to see :
Labels:
Religion
0 comments:
Post a Comment