Home » » ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 2

ජේසුස් වහන්සේගේ අවසන් වාක්‍ය සත 2

ඇත්තෙන්ම මම ඔබට කියමි; ඔබ මා සමග අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය - ලූක් 23 : 43

ේසුස් වහන්ේ කුරුස ගේ සිටිය දී ඔවුන් වහන්දෙසූ ශ්‍රී වාක්‍ය සත පිළිබඳ ශුද්ධ බයිබලීය විමර්ශන ලිපි පෙදෙවන ොටස මෙහි විස්තර ේ. ොරුන් දෙදෙනෙකුට මැදිව ේසුස් වහන්ඇණ ගැසීමෙන් නිොස් ඔවුන් වහන්ේව භයානක මිනීමරු රෙකු හා සමානව සලකා ක්‍රියා කළ බව පෙ. ේසුස් වහන්ේ මිනිස් දිවිේ අවසාන පැය කිහිපය තුළ ඔවුන් වහන්සිය ධර්මදූත මෙසියානු කාර්යය සමාප්තියට පත් කරන අයුරු මින් නිරපණය ේ. 

එල්ලා සිටි වරද කරුවන්ගෙන් එක්කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, ‘ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අපවත් ගළවා ගන්නැයි කී ය. අනෙකා ඔහුට තරවට කරමින්, ‘එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද්ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය; අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසිම වරදක් කර නැතැයි උත්තර දුන්නේ ය. තවද ඔහු, ‘ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩනා කල මා සිහි කළ මැනවැයි කී ය. උන් වහන්සේ ද කතා කරමින්, ‘ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමග අද ම පාරාදීසයෙහි සිටින්නෙහි යයි වදාළ සේක. (ලූක් 23 :39 – 43) 



කුරුසිය අවට රැස්වී සිටි අය හා මග ගමන් කළ අය ජේසුස් වහන්සේට නින්දා අපහාස කරත් දී, කුරුසියේ එක් පැත්තක එල්ලී සිටි එක් සොරෙකු ඔවුන් වහන්සේට සරදම් කරත්දීත්, එකම දඬුවමට යටත්ව සිටි එක් සොරෙක් ජේසුස් වහන්සේගේ දයා කරුණාව හා ගැළවීම අපේක්ෂාවෙන් කතා කළේ ය. සුභාරංචිකරුවන් සිව්දෙනා ම ජේසුස් වහන්සේ දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව සඳහන් කරන නමුත්, වඩා වැඩි විස්තරයක් දක්වන්නේ ලූක්තුමා පමණි. එහෙත් මෙම මනස්ස්ථාපනය වූ සොරා සිටියේ ජේසුස් වහන්සේගේ කුමන පැත්තේ දැ යි කිසිඳු සඳහනක් නොකරයි. සාමාන්‍ය කිතුනු සම්ප්‍රදායේ එන පරිදි මොහු ජේසුස් වහන්සේගේ දකුණු පැත්තේ සිටි බව කියවේ. ලූක්තුමා සඳහන් කරන ආකාරයට ජේසුස් වහන්සේ සමග පළමුව ස්වර්ගයට පිවිසි තැනැත්තා මනස්ස්ථාපිත සිතින් ජේසුස් වහන්සේව අදහා ගත් මෙම සොරා ය. ඔහු තම මරණ මංඤ්චකයේ දී තම ආත්ම ගැළවීම අපේක්ෂා කරන්නේ, ජේසුස් වහන්සේගේ නාමයෙන් ය. පුරාණ ගිවිසුමේ සඳහන් ආකාරයට, “එවිට, සමිඳුන්ගේ නාමය කියා අයදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය යනුවෙන් ජෝවෙල් 2 : 32 (රෝම 10 : 13) දේව පොරොන්දුවක් ඇත. මෙම මනස්ස්ථාපිත සොරා මෙකී පොරොන්දුව ගැන දැන සිටින්නට ඇත. අවසානයේ ඔහු එම පොරොන්දුව අත්පත් කරගත්තේ ය. මෙය එක් අතකින් බලන කල පුරාණ ගිවිසුමේ ඉගැන්වීමක් වන, “ඔබේ මුළු සිතින් හෘදයෙන් ද, මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නාහු නම්, උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත්නොහරින සේක; ඔබ නෙවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක. (ද්වීතීය නීති සංග්‍රහය 4 : 29 – 31) යන්න ඉටු වීමකි. 



ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවයේ උච්චතම කූඨප්‍රාප්ති අවස්ථාව වන පාස්කු අභිරහස (ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය) ය. ජේසුස් වහන්සේ මෙලොවට වැඩම කළේ ලෝ වැසි සියල්ලන්ට ගැළවීමේ විමුක්තිය හා සදාතන ජීවනය ලබා දීමට ය. ස්වකීය මරණ මොහොතෙහි පවා ඔවුන් වහන්සේ තම ධර්මදූතික අරමුණ වන පව්කාරයන්ගේ ආත්ම ගැළවීමේ නිරත වූ සේක.


ජේසුස් වහන්සේට සරදම් කළේ යැයි සැළකෙන සොරා ද ජේසුස් වහන්සේ මෙසියස් හෙවත් ක්‍රිස්තුස් බව අසා හෝ දැන සිටින්නට ඇත. මන්ද, ඔහු “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අපවත් ගළවා ගන්නැයි (ලූක් 23 : 39) ආයාචනයක් කර ඇත. ජේසුස් වහන්සේ එම සොරාට ජේසුස් වහන්සේ කිසියම් දඬුවමක් දුන් බවක් හෝ ඔහුට ගැළවීම නොදුන් බවක් එහි සඳහන් නොවේ. මෙම සොරුන් දෙදෙනා ම ගැළවීම අපේක්ෂා කළ බව පැහැදිලි ය. එහෙත් ඔවුන් දෙදෙනා අතර පැහැදිළි වෙනසක් දැකිය හැකිය. ඔහු ජේසුස් වහන්සේගේ නිර්දෝෂිභාවයත්, අවිහිංසකකමත් හොඳින් තේරුම් ගත් අතර, තමන් පව්කාරයෙකු හා කළ අපරාධ වලට දඬුවම් ලැබීමට සුදුස්සෙකු බව ද පිළිගත්තේ ය.  එනම්, ගැළවීමේ පොරොන්දුව අත්පත් කරගත් (මනස්ස්ථාපිත) සොරා තම වැරදි හා පාපිෂ්ඨකම බැහැපත් සිතින් පිළිගෙන, ඒවාට මනස්ස්ථාපනය වී, දේව රාජ්‍යයේ උරුමය පතමින් ජේසුස් වහන්සේව තම පෞද්ගලික ගැළවුම්කරුවාණන් බව අදහාගෙන ඔවුන් වහන්සේව තම හදවතට පිළිගත්තේ ය. ජේසුස් වහන්සේට සරදම් කළ සොරා ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව දැන සිටියත්, ඔහු තළ අවංක බැහැපත් මනස්ස්ථාපනයක් දක්නට නැත. ගැළවීම හා සදාතන ජීවනය ලැබීමට නම්, ජේසුස් වහන්සේව තම පෞද්ගලික ගැළවුම්කරුවාණන් බව නිසැකව පිළිගෙන ඔවුන් වහන්සේව අදහා ගැනීමත්, මත පව්කාරබව පිළිගෙන ඊට අවංකව පසුතැවිලිවීමත් අවශ්‍ය බව මින් පසක් වේ.
කොපමණ දුක්ඛිත තත්ත්වයක පසුවූව ද ජේසුස් වහන්සේ එම මනස්ස්ථාපිත සොරාට ස්වර්ග රාජ්‍යය පොරොන්දු වූ සේක. (ලූක් 23 : 43) මෙයින් පෙනී යන්නේ ජේසුස් වහන්සේ තමන් වහන්සේට පියාණන් වහන්සේගෙන් හිමිවන උත්ථානයේ ජයග්‍රහණය පිළිබඳව හොඳින් දැන සිටි බව ය. එම ගැළවීමේ මහිමයට අප සැම ද පංගුකාර කර ගැනීම, සහභාගිකර ගැනීම ඔවුන් වහන්සේගේ කැමැත්ත ය.

ජේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යය යන අදහස දීමට භාවිත කළේ පාරාදීසය යන වචනය යි. එම වචනය පර්සියන් භාෂාවේ පාරිඩේස්  යන වදනින් ග්‍රීක භාෂාවට බිඳී ආ පැරඩෙයිසෝ යන වචනයෙන් සෑදුණකි. ඉංග්‍රීසි භාෂාවෙන් ගත් කළ එය garden of delights යන අදහස දෙයි. සොම්නසේ උපත යන අර්ථය ඇතිව ශුද්ධ බයිබලයේ සෙප්ටුවාජින්ට් පුරාණ ගිවිසුම් ග්‍රීක පිටපතේ ඒදන් උයන යන්න විස්තර කිරීමට මෙම පාරාදීසය නමැති වචනය භාවිත කර ඇත. පර්සියන්වරුන් මෙම වචනය රජුගේ උද්‍යානය හැඳින්වීමට භාවිත කර ඇත. මෙයට සමාන වචන 2 කොරින්ති 12 : 2 – 4, 34 හා එළිදරව්ව 2 : 7 හි දැක්වේ. පැරණි පුදෙව්වන් මෙම පාරාදීසය ඉතා මනරම් ආරක්ෂිත කඳු වළල්ලකින් සැදුම්ලත් උත්ථානය හා ජීවනය අපේක්ෂාවෙන් සිටින මළවුන් සැතපෙන ස්ථානයක් ගැන ප්‍රකාශ කිරීමේ දී යොදා ගෙන ඇත. ජේසුස් වහන්සේ මෙම පාරාදීසය යන වචනය යොදා ගත්තේ, ඔවුන් වහන්සේගේ උත්ථානයට ප්‍රථම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රීතිය හා සාමයේ අත්දැකීම ඔවුන් වහන්සේ සමග හිමිකර ගන්නා බව මෙම මනස්ස්ථාපිත සොරාට පසක් කරවීමට ය.

අපට හිමිවන දේව පණිවුඩය

මිනිස් දිවිය දුබලතා හා පෞරුෂ අඩුලුහුඩුතා වලින් පිරුණකි. මිනිසා තුළ පාපයට කැමැත්තක් නැතත් ඔහු ස්වභාවයෙන් ම ඊට ඇදී යන්නේ ඔහුගේ දුබල බව නිසා ය. “හිත නම් කැමති ය. එහෙත් ගත නම් දුබල ය (මාර්ක් 14 : 38) යි ජේසුස් වහන්සේ ගෙත්සෙමනි උයනේ දී සිය ශ්‍රාවකයන්ට ප්‍රකාශ කළේ එනිසා ය. “මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව, මා ද්වේෂ කරන දේ ය....... සැබවින් ම මා කරන දෙය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය වේ......... එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළොඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ.(රෝම 7 : 15, 17, 21) යනුවෙන් පාවුළුතුමා ප්‍රකාශ කරන්නේ එබැවිනි.  ඉන් ගැළවීම ලබන්නට නම් මිනිසා සම්පූර්ණයෙන් ම පාපයේ තිබෙන භයානක පිළිකුල්භාවය තේරුම්ගෙන ඉන් ගැළවීමට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුය. තම තෘෂ්ණාවන්ගෙන් සම්පූර්ණයෙන් හිස් වී නිදහස් වී ජේසුස් වහන්සේට තමන්ව සම්පූර්ණයෙන් බාර දිය යුතුය. තමන් සිටින ආකාරයෙන් ම දෙවියන් වහන්සේ සොයා යා යුතුය.  

 

 
Share this article :

0 comments:

Post a Comment

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith