
කිතුනු ආගමික ඉගැන්වීම් නාට්‍ය රංගනය මගින් මිනිස් මනසට කා වැද්දවීම සඳහා වේදිකාව මත රඟ දැක්වීම ශ්‍රී ලංකාවට පැමිණියේ 16 වන සියවසේ පෘතුගීසි ධර්මදූත පූජකවරුන්ගේ පැමිණීමත් සමගය. විශේෂයෙන් ප්‍රැන්සිස්කාන හා ජේසු නිකායික පූජකවරුන් එවකට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල කතෝලික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා යොදා ගත් එක් ඉගැන්වීම් ක්‍රමවේදයක් වූයේ නාට්‍ය රඟ දැක්වීමය. "අල්ලා ගත් රටවල මිනිසුන්ගේ ආත්මය විනිවිද යාමට උචිත ආනුභාව සම්පන්න වූත්, මෘදු ගුණයෙන් සමන්විත වූත් ආයුධය වූයේ නාට්‍යය යි" යනුවෙන් ලුසියානා ස්ටේගාඤ්ඤෝ පිච්චියෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා පවසා ඇත.(1)